ගස් කොළ අඩු වටපිටාවක් ඇති නිවසක සුරතලයට ඇති කරන වැලි නම් ලේනකු තම ආහාර සැඟවීමට අපූරු ස්ථානයක් සොයා ගෙන තිබේ. ඒ ජැක්ස් නම් තම බලූ යහළුවාගේ ලොම් අස්සෙයි.
ඕක් ගෙඩියක් ලැබුණු වැලී, එය රැගෙන විත් ජැක්ස්ගේ ලොම් අතර සැඟැවීය. එය නැවත බිමට වැටුණි. ඒ දෙස පුදුමයෙන් බැලූ වැලි තවත් ඕක් ගෙඩියක් ලැබුණා යයි සිතා එය වෙනත් තැනක සැඟවීය.
වැලී කරන සෑම දෙයක්ම බලා සිටිනු විනා ජැක්ස්ගෙන් නම් වැලීට කරදරයක් නොමැත. මේ දෙදෙනාගේ හිමිකරු ඔවුන්ගේ කාර්ය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර තිබේ. මෙලෙස තම කෑම සැඟවීම වැලිගේ පුරුද්දක් බව සඳහන්ය. මීට පෙර චීස් කෑල්ලක් ජැක්ස්ගේ ඇගේ සැඟවීමට ගොස් ජැක්ස් වහා එය උදුරාගෙන ගිල දැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගම්වල සිටින ඇතැම් සුනඛයින් ගෙන් ලේනුන් තියා දඬු ලේනෙකු හෝ බේරෙන්නේ කලාතුරකින්.(දිල්)
ගාමිණි, මේවා සංසාරගත බැඳීම් !(දිල්)
එක බලන්න ලින්ක් එක මොකක්ද
මේ තමයි සොභා දහමේ අසිරිය බල්ලන්න කොලබ නගරයේ එන්න කපුටන් කුඩු හදගෙන්න ඉන්න කම්බිකුරු එකතුකරලා සොබහවිකවම සැම සත්වයෙක්ක්ම පරිසරය අනුව හදාගහෙන්නවා (දී)
සොබා දහම වෙනස් කරන්න නවීන දේවල් වලින් බෑ.. මේ සත්තු ඉන්න ඕනේ කැලේ..බල්ල උනත් සද්ද නෙතුව ඉන්නවා ස්වාමියා ඉන්න නිසා..තනියම ඉන්නකොට අහු උනොත් වැලි ඉවර කරනවා ෂුවර්.(නදී)