මානසික ආබාධිත බව කියන අයකු (19) එංගලන්තයේ ලන්ඩන් නුවර රසල් චතුරස්‍රය අසල දී පුද්ගලයන් පිරිසකට පිහියෙන් ඇනීම හේතුවෙන් කාන්තාවක් මිය ගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

එරට පොලිසිය කියනුයේ පිහි ඇනුම සිදුකළ 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත් බවයි.

රාත්‍රී 10ට පමණ කලබලකාරී ලෙස හැසිරෙමින් බැන වදිමින් රසල් චතුරස්‍රය අසල සිටි පිරිසකට මොහු පිහියෙන් ඇන ඇතැයි කියති.

61 හැවිරිදි කාන්තාවක් සිද්ධියෙන් මියගොස් ඇති අතර තවත් කාන්තාවන් සිව්දෙනකු හා පිරිමියකු තුවාල ලබා ඇත.

2005 වසරේ 7/7 බෝම්බ සිද්ධිය සිදුවූ ස්ථානයේ දීම මෙය සිදුව ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා පවසන අතර මෙය ත්‍රස්ත ක්‍රියාවක් විය හැකි බවට පොලිසිය සැක පළ කර ඇත.