එක්සත් ජාතීන්ගේ පරිසරය දූෂණය වැළැක්වීමේ ජාත්‍යයන්තර සම්මේලනය නොවැම්බර් මස 29 වැනිදා පැරීසියේදි ආරම්භ විය. ලෝකයේ රාජ්‍ය නායකයන් 147 දෙනකු සහ රටවල් 196ක රාජ්‍ය නිලධාරීන් 45000ක් සහභාගි වන මෙම සම්මේලනයට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද සහභාගි වෙති.
එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරයට පසු විශාල රාජ්‍ය නායකයෝ පිරිසක් සහභාගි වන මෙම සම්මේලනය ඩෙන්මාර්කයේ කෝෆන්හේගන් සමුළුවට පසු පැවැත්වෙන විශාලතම සමුළුව ලෙස සැළකේ. ලොව ලොකුම ධනපතියා ලෙස සැලකෙන ඇමෙරිකා ජාතික බිල් ගේට්ස් හා ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ පරිසරවේදි නිකොලා හුලෝ ද එයට එක්වෙති.
පසුගියදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ ප‍්‍රංශයේ ජාතික පාපන්දු ක‍්‍රීඩාංගනය, හා ප‍්‍රංශ ආරක්ෂක ප‍්‍රහාරයෙන් මරුමුවට පත් පැරිස් ප‍්‍රහාරයේ ප්‍රධානියාවූ අබ්ඩෙල් හමීඩ් අබයුඩ් සැඟවී සිටි නිවස පිහිටි සෙන්ට් ඩෙනිස් නගරයට යාබද ලාබුර්ජේ නගරයේ පිහිටි ගුවන් හමුදා පරිශ‍්‍රයක මෙම සමුළුව දෙසැම්බර් 11 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතය.
සමුළු පරිශ‍්‍රය ලෝකයේ රටවල ධජ වලින් වර්ණවත්වී ඇති අතර එම ප‍්‍රදේශය දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත්වී ඇත.
නොවැම්බර් මස 29 වැනි ඉරිදා හා 30 වැනි සඳුදා වාහන වලින් පැරීසියට නොපැමිණෙන ලෙසත් එම දිනයන්හී පැරීසිය හා ඒ අවට උමං දුම්රිය, සාමාන්‍ය දුම්රිය, බස් සේවාවන් සියල්ල නොමිලේ ප්‍රවාහන සේවා සපයන බවත් පැරීසියේ නගරාධිපතිනි හිඩල්ගෝ පැවසුවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය පටන් අරගෙන දැන් වසරක් පිරෙන්න ළඟයි. රටේ කුණු කසළ ප්‍රශ්නය නම් තාම එතනමයි. මම මේ ළඟදී පොළොන්නරුවේ ගියා රාජකාරියකට. මට නම් නිරීක්ෂණය වුණේ එහෙ ජනගහණයට සාපේක්ෂකව ඉමක් නොපෙනෙන කසළ ගොඩවල්. (නි)
මේ ලොකු සමුළු වලට රිංගන්න ඉස්සෙල්ල ලංකාවෙන් 'සිලි සිලි' මලු, 'ලන්ච් ෂීට්' ආදිය තහනම් කළ යුතුය. ඔබ කවුරුත් දකිනවා ඇති මේවායින් රටට සිදුවී ඇති ව්‍යසනය. (බ)
මේ මොනවා කියනවාද පිටිගල. එන්න කියන කොට නොයා ඉන්නේ කොහොමද ? ඔන්න ඔහේ ගිහිල්ලා අාපුවාවේ. (බ)
මේ මොනවා කියනවාද පිටිගල. එන්න කියන කොට නොයා ඉන්නේ කොහොමද ? ඔන්න ඔහේ ගිහිල්ලා අාපුවාවේ. (බ)
පිටිගල කියන කතාව සම්පුර්ණ ඇත්ත. ලෝකයේ දියුණු රටවල් තමුන්ගේ පරිසර හානිය අවම කරගෙන එහෙත් තමන්ට තනියම විසඳාගන්න බැරි ගෝලීය උණුසුම වැඩිවීම ගැන විසඳුම් හොයන්න රැස්වෙනවා. අපේ රටේ කුණු ටික දාගන්නවත් ක්‍රමයක් නැතුව අපේ නායකයෝ යනවා ගෝලීය උණුසුම ගැන කතා කරන්න. (නි)
කරුණාකරලා මේ සමුළුවෙන් පස්සෙවත් ලංකාවට ගිහින් අපේ යහපාලන නායකවරු කොළොන්නාවේ කුණු කන්ද නැතිකරන්න.අතන මෙතන ගිහින් මුදල් විනාශ කරනවට වඩා නියම වැඩකාරයන් බව ජනතාවට පෙන්වන්න (බ)