IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලෝක ජනගහනයෙන් මිලියන 270ක් හාමතේ

ලෝක ජනගහනයෙන් මිලියන 270කට ආසන්න පිරිසක් හාමතට පත්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි අද (10) පැවැසීය. ‌

නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී නොබෙල් සාම ත්‍යාගය ලබාගනිමින් ඩේවිඩ් බීස්ල් ඒ බව කීවේය.

එම ජනගහනය ජර්මනිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල ජනගහනයට සමාන වේ.ලොවපුරා කරන මෙහෙය වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙවර නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස ලෝක ආහාර වැඩසටහන නිවේදනය කෙරුණි. ‘කොවිඩ්-19’ වසංගතයත් සමඟ ලෝක ආහාර වැඩසටහනේ වගකීම් ද වැඩි වූ අතර වසංගත සමයේදී ලෝක ආහාර වැඩසටහන වෛද්‍ය පහසුකම් සැපයීමේ කටයුතුවලද නිරත විය.

“බොහෝ යුද ගැටුම්, දේශගුණික විපර්යාස, දේශපාලන සහ යුද උපකරණ හේතුවෙන් පුළුල් ව ව්‍යාප්ත වූ කුසගින්න සහ ගෝලීය වසංගතය හේතුවෙන් මිලියන 270කට ආසන්න පිරිසක් හාමත් වේවි” යැයි නොබෙල් පදක්කම සහ ඩිප්ලෝමාව ලබාගනිමින් පැවැසීය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම උත්සවය පැවැත්වීය.ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ඇතුළු එම නිලධාරීහු රෝමයේ පිහිටි එම සංවිධානයේ මූලස්ථානයේ සිට විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම උත්සවයට සහභාගී වූහ.

නෝර්වේ හි හැරල්ඩ් රජු ඇතුළු පිරිස ඔස්ලෝ නුවර පිහිටි ‘සිටි හෝල්’ වෙත පැමිණ විඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවයට සහභාගී වූහ.

“අප හමුවේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැරි වුණොත් කුසගිනි වසංගතයක් ඇති‌ වෙනවා. කොවිඩ්-19 වසංගතය නිසා එම බලපෑම දැනෙන එකක් නැහැ. එහෙම වුණත් මිලියන 270න් මිලියන 30ක් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් අප මත යැපෙනවා. 100%ක්ම ඔවුන් යැපෙන්නේ අප මත” යැයි ඩේවිඩ් බීස්ලි කීය.

මෙවර නොබෙල් ත්‍යාගලාභීන් නොබෙල් දේශනය පැවැත්වීම සඳහා ඉදිරි දිනකදී ඔස්ලෝ නුවරට යෑමට නියමිත ය.නොබෙල් උත්සවය සෑම වසරකදීම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වේ.


(රොයිටර්)

055



අදහස් (0)

ලෝක ජනගහනයෙන් මිලියන 270ක් හාමතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site