දකුණු දිග ප‍්‍රංශයේ බෝර්ඩෝ නුවර ලොව ප‍්‍රථම වයින් කෞතුකාගාරයක්  ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් විසින් මහජන ප‍්‍රදර්ශනයට විවෘත කැරිණි. බෝර්ඩෝ නගරයේ වර්තමාන නගරාධිපති දක්ෂිණාංශික පක්ෂයේ හිටපු අගමැති, ඇලන් ජුපේ  එහි  ප්‍රධාන ආරාධිතයා  විය.

වසර තුනක් පුරා ගොඩ නැඟු මෙම කෞතුකාගාරයේ වැඩ අවසන් කිරීමට යුරෝ ලක්ෂ 810ක් හෙවත් රුපියල් කෝටි 1350ක් පමණ වියදමක් දරා ඇත. බෝර්ඩෝ නගරය අසලින් ගලා බසින ගැරොන් ගංගාවට යාබදව හා මුහුණලා පිහිටි මහල් 10කින් සමන්විත වර්ග මීටර 13,350 ක විශාලත්වයකින් යුක්ත වෙයි.

ඓතිහාසික පරිසරය, සංස්කෘතිය, ආගම, ගෘහ නිර්මාණ ශිල්පය හා ග‍්‍රාමීය බව මැනවින් සකසා ඇත්තේය. වයින් පූර්ණ ක‍්‍රියාකාරිත්වය ආදිය සියැසින් දැක බලා ගැනීමට ඇවැසි සම්පත් ස්ථාපිත කොට ඇත. කෞතුකාගාරයේ නවීන තාක්ෂණික සිනමා ශාලා, මල් වතු, කුඩා මිදි වතු ආදිය ද ඇත්තේය. විවිධ වයින් වර්ග වල රස බැලීමටද අවස්ථාව ලැබේ.

වයින් නිෂ්පාදනයට ප‍්‍රසිද්ධ දකුණු අප‍්‍රිකාව,  ඕස්ටේ‍්‍රලියාව, ආර්ජන්ටිනාව, චිලිය, පෘතුගාලය, ඉතාලිය, ස්පාඤඤ්ය, ඇමෙරිකාව ආදි රටවල වයින් වර්ග ද එහි ඇත. 

මීටර් 35ක එහි ප‍්‍රමාණයේ සිට අංශක 360ක දිශානතිය නැරඹීමට හැකි නැරඹුම් මැදිරියක් ද ඇත. වසරකට සංචාරකයන් ලක්ෂ 5ක් පමණ කෞතුකාගාරය නැරඹීමට එතැයි විශ්වාස කරන බව එහි අධ්‍යක්ෂක ජෙනරාල් පිලිප් මැසොල් කියයි. කෞතුකාගාරයට නැරඹීමට යුරෝ 20 ක් (රුපියල් 3300 ක්)  අය කරයි.

පැරීසියේ සිට කි:මී: 585 ක් දුරින් පිහිටි බෝර්ඩෝ නගරය යාකරන  නව අධිවේගී දුම්රිය මාර්ගයක ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් සිටියි.

2017 ප‍්‍රංශ ජනජාධිපතිවරණයට දක්ෂිණාංශික පක්ෂයෙන් හිටපු අගමැති ඇලන් ජුපේ සමාජවාදි පක්ෂයෙන් වර්තමාන ජනාධිපති  ලෙස තරඟ කිරිමට  ඉඩ ඇතැයි  පැරිස් පුවත්පත් කියයි.

09[1] cite_vin22[1]

02[1]_69