රුසියාවේ හමුදා බැරැක්කයක කොටසක් කඩා වැටීමෙන් සොල්දාදුවන් 23 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම බැරැක්කයේ පැරචුට් අභ්‍යාස පුහුණුව සඳහා යොමුකරණ ලද සොල්දාදුවෝ 300ක් සිටියහ.  අනතුරට පත් ගොඩනැගිල්ල වසරකට පෙර අලුත් වැඩියාකර තිබේ. අලුත් වැඩියා කටයුතු දුර්වල ලෙස කර තිබිම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි සැකකරයි.

අනතුර පිලිබඳව විමර්ශනය සඳහා හමුදා බුද්ධි අංශද යොදවා තිබේ.

සුන්බුන් වලින් ගොඩට ගත් සොල්දාදුවන් 19 දෙනකු ප්‍රතිකාර සඳහා මොස්කව්හි රෝහල් වෙත යවා ඇතැයි ද හමුදා ආරංචි පවසයි.

අනතුරින් දිවි ගලවා ගත් එක් සොල්දාදුවෙක් එරට රෑපවාහිනියේ පෙනීසිටිමින් ප්‍රකාශ කර සිටියේ අනතුර සිදුවන විට සොල්දාදුවන් තම නිදි යහන් වෙත ගොස් සිටි බවයි. සිව්මහල් ගොඩනැගිල්ල ඉහළ මහළේ සිට කඩා වැටීම ආරම්භ වි ඇත.