රුසියාවේ දේශීය බැංකුවල පාරිභෝගිකයන්ගෙන් මුදල් සොරාගැනීම සඳහා එරට සයිබර් අපරාධකරුවන් පිරිසක් ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතන ඔස්සේ වෛරසයක් පතුරුවා ඇතැයි වාර්තා වේ.
මෙම පිරිස අත්අඩංගුවට පත්වීමට ප්‍රථම යුරෝපීය බැංකුවලට ද සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සහායක නිරත වී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. මීට පෙර බැංකුවලට එල්ල වූ සයිබර් ප්‍රහාර හා සොරකම් සැසඳීමේදී මේ අවස්ථාවේදී සොරකම් කර ඇත්තේ රුසියානු රූබල් මිලියන 50ක් (ඩොලර් 892,000)ක් බවත් එසේ වුවද ඔවුන් ප්‍රංශය ඇතුළු බටහිර රටවල බැංකු පාරිභෝගිකයන්ට ද ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
සයිබර් අපරාධවලට තිබෙන බව කියන සබඳතා හේතුවෙන් රුසියාව ඇමෙරිකාවේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂයේ පරිගණක පද්ධතිවලට අනවසරයෙන් පිවිස දත්ත වෙනස් කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට ද රුසියානු හැකර්කරුවන් කටයුතු කළ බව ට ද චෝදනා එල්ල විය. කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
බැංකු පාරිභෝගිකයන්ගේ ජංගම බැංකු මෘදුකාංගවලට සමාන ව්‍යාජ මෘදුකාංග නිර්මාණය කරමින් හා විද්‍යුත් වාණිජ වැඩසටහන් කාමෝද්දීපන වැඩසටහන් ඔස්සේ යමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත.
රුසියාවේ රාජ්‍ය බැංකුව වන ස්බර්බෑන්ක්ට මුල්ම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති අතර අල්ෆා සහ ක්වි නැමැති අන්තර්ජාල ගෙවුම් සමාගමටත් සයිබර් ප්‍රහාර එල්ල වී තිබේ.

රොයිටර් ඇසුරිනි - 055
2025 දෙසැම්බර් මස 18
671
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවේ සයිබර් ප්‍රහාරකයෝ ජංගම දුරකථනයටත් රිංගති