ඉරාකයේ ඇති වී තිබෙන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව සහ චීනය දක්වන ලද ප්‍රතිචාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ විවේචනයට ලක්විය.
ඉරානයට හිතවත් විරෝධතාකරුවන් ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීම විවේචනය නොකිරීමට අසමත් වූයේ පවසමින් ඇමෙරිකාව එලෙස රුසියාවට සහ චීනයට චෝදනා කළේය.
විරෝධතාකරුවන් දෙසැම්බර් 31 වැනිදා බැග්ඩෑඞ් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 න් 27ක් එම සිදුවීම හෙළා දකිමින් නිවේදන නිකුත් කර තිබූ අතර ඇමෙරිකා එක්සත් ජනපදය එම රටවල් කෘතඥතාව ද පළ කළේය.
එම සිදුවීම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය අනුගමනය කළ නිහඬ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද හෑල්ලුවට ලක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකානු දූත පිරිස සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ආකාරයකට කිවොත් ඒ ගොල්ලෝ කරන ඕනෙම වැඩකට ආවඩා ආයුබෝ වේවා කිවොත් හරි කියන එක තමා මේ කියන්නේ. තානාපති කාර්යාල වලට පහරදීම සම්පුර්ණයෙන් හෙලා දකින අතර, තානාපති කාර්යාල තානාපති සේවයට නුසුදුසු අයුරින් ක්‍රියා කිරීමද එකසේ හෙලා දැකිය යුතුය.