IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රුසියාවට ඇමෙරිකාවෙන් චෝදනා


 
 
 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)

 
එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පනවන ලද සම්බාධක කඩ කළ තම ජාතිකයන් ආරක්ෂා කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බවට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකි හේලී බ්‍රහස්පතින්දා (14) චෝදනා කළාය. 
 
සම්බාධක උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සකසන ලද ස්වාධීන වාර්තාව වෙනස් කිරීමට රුසියාව උත්සාහ කරන බව සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපතිනි නිකී හේලී එලෙස චෝදනා කළාය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමකට අනුව උතුරු කොරියාවට පනවන ලද සම්බාධක ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමසා බැලීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලබන සඳුඳා රැස්වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත්කර සිටින ඇමෙරිකා එක්සත් ජනපද දූත පිරිස සඳහන් කළහ. 
 
උතුරු කොරියාවට පනවන ලද සම්බාධක සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව පසුගිය මාසයේදී ආරක්ෂක කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කළේය. 
 
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නවත්වා නැතැයි ද එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝණය කරමින් අපනයන කටයුතුවල නිරත වන බව ද එම වාර්තාවෙන් අනාවරණය කරන ලදි. 
 
අදාළ වාර්තාව සංශෝධනය කරන්නැයි රුසියාව ස්වාධීන නිරීක්ෂකයන්ට පීඩනයක් එල්ල කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන්නේ නැද්ද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය පොදු සම්මුතියක් සහිතව එකඟ විය යුතුය. කෙසේ නමුත් සංශෝධනය කරන ලද ලියවිල්ල ප්‍රකාශයට පත් කරන්නේ නම් තමන් ඊට විරුද්ධ වන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත. 
 
“රුසියාවට එය සංශෝධනය කරන්න ඉඩ දෙන්න බැහැ. ඔවුන්ට බැහැ ස්වාධීන එක්සත් ජාතීන්ගේ වාර්තාවලට බාධා කරන්න. එහි තිබෙන දේවල්වලට ඔවුන් කැමැති නැහැ කියලා ඔවුන්ට වුවමනා දේවල් කරන්න දෙන්න බෑ” යැයි නිකි හේලී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය. 
 
“එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ සහ යෝජනා ක්‍රියාත්මත අනිවාර්යයි. රුසියාව ද ඇතුළුව සෑම සාමාජික රටක්ම ඊට බැඳි සිටිනවා. සෑම සාමාජික රටක්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි” නිකී හේලී තවදුරටත් සඳහන් කළාය. 
 
 
055



අදහස් (0)

රුසියාවට ඇමෙරිකාවෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site