පලස්තීනයේ සංචාරයක නිරත රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඊයේ(26) බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම් නගරයේදී පලස්තීන ජනපති මහමුද් අබ්බාස් හමු වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
රුසියානු ජනාධිපතිවරයා මෙසේ පලස්තීනයට පැමිණියේ ඊශ‍්‍රායලයේ එක් දින සංචාරය නිම කිරීමෙන් අනතුරුවය. ඊශ‍්‍රායල සංචාරයේදී පුටින්, ජනපති ෂිමොන් පිරේස් සමඟ සිරියාවේ අර්බුදය සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.
පලස්තීනයට පැමිණි පුටින් මැදපෙරදිග සාම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ජනපති අබ්බාස් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ඊට අමතරව ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව ද නායකයන් දෙපළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පලස්තීන රජයේ ප‍්‍රකාශකයෙකු පැවැසීය.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd