බ‍්‍රසීලයේ රියෝ ද  ජැනයිරෝ නගරයේ පැවැත්වෙන ‘රියෝ සැණකෙළිය’ මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වූ බව වාර්තා වේ.

කිතුණු ආගමේ අළු බදාදා දිනයට පෙර වසරක් පසා පවත්වන මෙම සැණකෙළිය මෙවර පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වා පැවැත්විණි.

එක් දිනකට විසි ලක්ෂකට  වඩා වැඩි පිරිසක් සහභාගි වී ඇත.

 එය ලොව විශාලතම සැණකෙළිය ලෙස සැලකේ. ප‍්‍රථම රියෝ සැණකෙළිය 1723 දී පැවැත්වූ බව සඳහන්වේ.

ආලිංගන නැටුම් පෙරහර මෙහි වැදගත්ම ස්ථානයක් ගන්නා අංගයකි. මේ සඳහා ආලිංගන නැටුම් පාසල් වශයෙන් සහභාගි වන අතර එහිදී ඔවුහු විවිධ ආකාරයේ, විවිධ තේමා ගෙන් හා විවිධ වර්ණ වල ඇඳුම් ඇඳ නැටුම් ඉදිරිපත් කරති.