නීති කඩකිරීම් 1700 කට වැරදිකරුවෙක් බවට චෝදනා නැඟි ඇති රියැදුරෙක් ඕස්ටේ්රලියාවේ ඇඩිලේඞ් නුවර සිටි.
මගමග යන එන වාහන නිරීක්ෂණයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් පිරිසකට දැකගත හැකි වූයේ ටයර 2 ක් ද පිපිරී ධාවනය වන මෝටර් රථයකි.රියදුරාට ඒ ගැන වගේ වගක් නැති බවත් පෙනෙන්නට තිබිණි.
පොලිසිය රථය මාර්ගය අයිනට කර නවත්වන්නයැයි සන් කළද එයට අවනත වූයේ රියැදුරා නොවේ.ඔහු පොලිස් නිළධාරීන්ද පසුකරගෙන රථය පදවාගෙන යන්නට විය.අණ නොතකා ධාවනය වන රථය දුටු පොලිසිය කළේ එය ලූහුබැද යාමයි.
ටයර 2 ක් පිපිරී රථය ධාවනය කළා මදිවාට පොලිස් අණද නොතැකීම නිසා රියැදුරාට හොද හැටි අච්චු කිරීමේ අදහස ඇතිව මෝටර් රිය වෙත ගිය පොලිස් නිළධාරීන්ට සිදුවූයේ අච්චු කිරීම පසෙක තබා මුහුණට මුහුණ බලාගැනීමටයි.ඒ රථයේ සුක්කානම වෙනුවට සවිකර තිබූයේ ඇණ මුරිච්චි ගලවන අඩුවක් වූ බැවිනි.මදිවාට රියැදුරාද සිටියේ හොඳ හැටි පදම්වී සිටියේය.පොලිස් නිළධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අමාරුවෙන් වචන ගැටගසා ගත් ඔහු සුක්කානම කැඞී ගිය නිසා අඩුවක් ආධාරයෙන් රථය හසුරවමින් පැමිණි බව පැවැසීය.
රියැදුරා දැන් සිටිනුයේ පොලිස් භාරයේය.ඔහුගේ ‘නවීකරණය‘ කළ මෝටර් රථයද පොලිසියේ ගාල් කර තිබේ.රියැදුරාට එරෙහිව නඩු පැවැරීමට යයි.
ඔහුට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත චෝදනා ලැයිස්තුව මාගලක් පමණ දිගු වන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කොල්ලෙක්නෙ (නි)
පිස්සු පොරක්! ඇති මහා මාර්ගයේ මින්සුන් යට නොකර ගිය එක. බලපත්‍රය වහාම අවලංගු කලයුතුයි. (නි)
නියම පොරක්, පංචිකාවත්ත පැත්තේ එකෙක්ද කොහෙද? (නි)
ඇත්තටම ඕස්ට්‍රේලියාවේ පොලිසියේ අය මාගල ගැන දන්නේ කොහොමද? (නි)
පිස්සු කොල්ලෙක් (නි)