IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රජිව් ගාන්ධි මැරූ නලිනිට රට යන්න අවසර ඉල්ලලයි

ඉන්දීයාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බයකින් ඝාතනය කිරීම සම්බන්ධයෙන්  ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී සිටින හිටපු නලිනි ශ්‍රීහරන් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකාවට මාස 6 ක කාලයක් සඳහා විදෙස්ගත වීමට අවසර ඉල්ලා මදුරාසි මහාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇතැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද(30) වාර්තා කළේය.

ලන්ඩනයේ සිටින සිය එකම දියණිය හරිත්‍රාගේ විවාහ මංගල්‍යයට සහභාගිවීමට ඇය මෙලෙස විදෙස් ගත වීමට නීතීඥවරයකු මාර්ගයෙන්   පෙත්සම ගොනු කර ඇතැයි වාර්තාවේ සඳහන් වේ.

චූදිත නලිනි මේ සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර තමිල්නාඩු මහ ඇමතිගෙන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගෙන් අවසර ඉල්ලා ඇතත් ඒ සම්බන්ධයෙන් ඔවුන් නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇය මෙලෙස අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

ඇයගේ පෙත්සම  මදුරාසි මහාධිකරණය හෙට (31) සලකා  බැලීමට නියමිත අතර වෙල්ලෝර් බන්ධනාගාරයේ රඳවා සිටින නලිනි එම නඩු විභාගය සඳහා ඉදිරිපත් කිරීමට මේ වනවනිට මදුරාසියට රැගෙන විත් ඇත. නලිනි ශ්‍රීහරන් ඉන්දියාවේ සිටින දීර්ඝතම සිර දඩුවම් විඳින තැනැත්තිය වන අතර, මේ වනවිට වසර 26 ක් වෙල්ලෝර් බන්ධනාගාරයේ ගතකර තිබේ.

ඇය අධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ  ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විඳින අයෙකුට වසර 2 කට වරක් මාසයක නිවාඩුවක් ලබාදිය යුතු අතර, ඇයට මෙතෙක් එවැන්නක් නොලැබී ඇති බවයි.  කෙසේ නමුත් ඇගේ පියාගේ අවමංගල්‍යය සඳහා නලිනි ශ්‍රීහරන්ට 2016 වසරේ පෙබරවාරි මාසයේදී පැය 12 ක නිවාඩුවක් හිමිවූවාය.

දීර්ඝ කාලයක් සිර දඩුවම් විඳීම හේතුවෙන් නිදහස ඉල්ලා ඉදිරිපත් කළ ඇය ගොනු කළ තවත්  පෙත්සමක් ද තවදුරටත් විභාගයට ගැනෙමින් පවතී. ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වනදා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදූර් හිදී මැතිවරණ රැළියකට සහභාගි වෙමින් සිටියදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක අතින් ජීවිතක්ෂයට පත්වූ අතර එම ඝාතන සැලැස්මට ආධාර හා අනුබල දීම යටතේ මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාව ඇතුළු තවත් පුද්ගලයින් හත් දෙනෙකු සිර දඩුවම් විඳිති.

125



අදහස් (0)

රජිව් ගාන්ධි මැරූ නලිනිට රට යන්න අවසර ඉල්ලලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site