පාකිස්තාන ආණ්ඩුවේ යෝජිත ඩිජිටල් රෙගුලාසි කෙටුම්පතට එරට මාධ්‍යවේදීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
මෙම යෝජිත කෙටුම්පත හේතුවෙන් මාධ්‍ය නිදහස සහ භාෂණයේ නිදහස උල්ලංඝණය වන බව පාකිස්තානයේ මාධ්‍ය ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
මෙම විරෝධය හේතුවෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ තරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය දැඩි අර්බුදකාරී සහ දුෂ්කර තත්ත්වයකට පත්ව ඇතැයි ද වාර්තා වේ.
සමාජ මාධ්‍යවල පළ වන පුවත් සහ ඒවායේ අන්තර්ගතය පාලනය කිරීමේ අරමුණින් පාකිස්තාන ආණ්ඩුව මෙම කෙටුම්පත යෝජනා කර තිබේ.
විද්‍යුත් මාධ්‍ය දැනටත් වුවමනාවටත් වඩා නියාමනය වන බවත් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම සඳහා දැනටත් ප්‍රමාණයටත් වඩා රෙගුලාසි තිබෙන බවත් පාකිස්තානයේ මාධ්‍ය ප්‍රජාව පෙන්වාදෙයි.
පාකිස්තානයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් යෝජිත කෙටුම්පතට දැඩි විරෝධයක් එල්ල කර තිබෙන අතර යෝජිත කෙටුම්පත මගින් ඉදිරිපත් කර තිබෙන සීමාවලින් නිදහස සීමා වන බව ද ඔවුහු පෙන්වාදෙති.
ඒ.එන්.අයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd