බකින්ග්හැම් මාළිගයේ ඇති ඇත් දළ වලින් සැදි සියලූම ආකාරයේ බඩු භාණ්ඩ විනාශ කිරීමට තමන් කටයුතු කරන්නේයැයි විලියම් කුමරු ප්‍රතිඥාවක් දී ඇත.

විලියම් කුමරු මෙසේ ඇත් දළ වලින් සැදි භාණ්ඩ විනාශ කිරීමට ප්‍රතිඥාවක් දී තිඛෙනුයේ අපි්‍රකාව වැනි රටවල දළ ලබා ගැනීම වෙනුවෙන් අසීමිතව සිදුවන අනවසර ඇතුන් දඩයම් කිරීම් සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අරමුණින්ය.

බකින්ග්හැම් මාළිගයේ ඇත් දළ වලින් සැදි භාණ්ඩ 1200 ක් පමණ තිඛෙන අතර මේවායින් බොහෝමයක් එළිසඛෙත් රැජිණියට විවිධ රටවල රාජ්‍ය නායකයින් පිළිගැන්වූ ඒවා වන බව සදහන්ය.

අවාන්,ප්‍රතිමා,සිහිවටනයන් ආදියේ සිට ගෘහ භාණ්ඩ දක්වා භාණ්ඩ මේ එකතුවේ තිබේ.

ඉතා විරල ඝණයේ නිර්මානයන් රැසක් ඇති මේ භාණ්ඩ එකතුවේ අගය මිල කළ නොහැකි තරම් වේ.

විලියම් කුමරු සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටින්නෙකි.ඔහුගේ පියා වන චාල්ස් කුමරුද එසේමය.

විලියම් කුමරුගේ මේ ප්‍රතිඥාව බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්ව තිඛෙන අතර ඔවුන්ට අනුව විලියම් කුමරු ආදර්ශවත් අනාගත නායකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින් සිටී.

කලා කෘතිවලට ඇලූම්කරන්නවුන්ගේ මතය නම් මිීට වෙනස්ය.මෙම නිර්මාන වල අගය මිල කළ නොහැකි යැයි පවසන ඔවුන් ඒවා සංරක්ෂණය කළ යුතුයැයි යන මතයේ සිටී.ලොව සිදුවන අනවසර ඇතුන් දඩයම් හා මෙම නිර්මානයන් අතර කිසිදු සම්බන්ධතාවක් නැතැයිද විලියම් කුමරු කිරීමට යන්නේ නිශ්ඵල දෙයක් යැයිද ඔවුන් කියයි.