යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති සර් අයිවන් රොජර්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

වසර දෙකක බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය අතර ගිවිසුමක් අත්සන් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ කටයුතු යොදා තිබියදී ඊට සති අටකට පෙර රොජර්ස් ඉල්ලා අස්වීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමය අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඔහු එසේ ඉල්ලා අස්වී ඇත.

රොජර්ගේ ඉල්ලා අස්වීම රජයේ මධ්‍යස්ථ සැලසුම්වලට විශාල පසුබෑමක් බව හිටපු උප අගමැති නික් ක්ලෙග් පවසා ඇත.