IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


යුරෝපයේ රටවල් කිහිපයකට තෙල් සැපයුම නතර කරනවා

දින කිහිපයක් ඇතුළත යුරෝපා සංගමයේ රටවල් කිහිපයකට තෙල් සැපයුම නවතාදැමීම කෙරෙහි ඉරානයේ අවධානය යොමුවී තිබෙන බවට ඊයේ (29) තෙහෙරාන් නුවරදී පැවැති සමුළුවක දී ඉරාන රජය අනතුරු ඇඟවීය. ඉරානය සහ ඇමෙරිකාව අතර සබඳතා වඩාත් අර්බුදකාරී මාවතකට යොමුවීමට හේතුවූයේ ඇමෙරිකාව සහ යුරෝපය, ඉරානය සම්බන්ධයෙන් සම්බාධක පැනවීමට ගත් තීරණයයි. ඒ අනුව යුරෝපා සංගමයට අයත් සාමාජික රාජ්‍යයන් 27 ලබන ජූලි 1 සිට ඉරානයෙන් තෙල් ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇත. ඔපෙක් සංවිධානයේ දෙවන විශාලතම තෙල් සැපයුම්කරුවන ඉරානය මෙවැනි ක‍්‍රියාමාර්ගයක් ගතහොත් එය යුරෝපයේ රටවල ආර්ථිකය බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. දෙරට අතර වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්වය ‘සීතල යුද්ධයක්’ බවට පරිවර්තනය වී ඇති අතර එම තත්ත්වය දරුණු සංග‍්‍රාමයක් කරා යොමුවීමේ අවදානමක් පවතින බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මේ දිනවල පරමාණු බෝම්බ නිපදවනවාදැයි සොයා බැලීමට ඉරානයට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරියේ නිලධාරීන් අපක්ෂපාතීව නිරීක්ෂණ කටයුතුවල යෙදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඉරාන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. ඉරානයේ ප‍්‍රධාන තෙල් ආනයනකරුවකු වන ඉන්දියාව පවසන්නේ ජාත්‍යන්තර වශයෙන් ඉරාන තෙල් වෙළෙඳාම නවතාලීමට ගන්නා උත්සාහයට තමන් සහය නොදෙන බවයි. සංවර්ධනය වන රටක් වන ඉන්දියාවේ ආර්ථිකයට ඉරාන තෙල් සම්පත තීරණාත්මක සාධකයක් බව ඉන්දීය මුදල් අමාත්‍යවරයා ඇමෙරිකා සංචාරයකදී කියා සිටියේය. ඇමෙරිකාවේ ප‍්‍රධාන අරමුණ වී තිබෙන්නේ ඉරානයෙන් තෙල් මිලට ගන්නා ආසියානු රටවල් සමග සිදු කරන තෙල් ගනුදෙනු   අඬාල කර ඉරාන ආර්ථිකය දුර්වල කිරීම බව දේශපාලන විශ්ලේෂකයෝ  පවසති.



අදහස් (0)

යුරෝපයේ රටවල් කිහිපයකට තෙල් සැපයුම නතර කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 19 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site