IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


යේමනයේ මහ බැංකුව වසා දමයි


 
 
යේමනයේ මහ බැංකුව එරට තුළ ඇතිවී තිබෙන මුදල් හිඟය නිසා වසාදමා ඇතැයි යේමනයේ අගනුවර වන සනාහි පුවත් වාර්තා කරයි.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ සවුදි රජය විසින් යේමනයට ලබාදීමට පොරොන්දු වූ විශාල මුදල් තැන්පතු නොලැබී යාම බව වාර්තාවේ.

සවුදි අරාබියේ මෙම  අතපෙවීම් වලට එරෙහිව එරට ඇමැතිවරු දෙදෙනකු ද අද වනවිට ඉල්ලා අස්වී තිබේ.
යේමනයේ මහ බැංකුව වසා දැමීම නිසා සේවක පඩි,රෝහල් ,පාසල්  ආදියට ගෙවීම් කිරීමට අවශ්‍ය මුදල් සංසරණය නොවෙතැයි බියෙන්නි ජනතාව මේවනවිට වීදි බැස ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මේ අතර මෙම මුදල් හිඟයට තවත් එක හේතුවක් වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යේමනය සතු මිලියන 287 ක මුදලක් රඳවා තබා ගැනීම බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීට ඉහත 2016 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී යේමනයේ නව මහ බැංකු අධිපති බවට පත්වූ මොනසාල් අල් සලේ කියා සිටියේ ඔහුට මුදල් නොමැති බැංකුවක් බාරදුන් බවයි.

යේමනය 2015 වර්ෂයේදී එරට හිටපු ජනාධිපති අලී අබ්දුල්ලා සලේ ඉවත්වීමත් සමග සිවිල් යුද්දයකට මුහුන පා ඇති අතර සවුදි අරාබිය යේමනයේ වත්මන්  දුර්වල රජයට සහයෝගය ලබාදෙමින් එරට හූති කැරලිකරුවන්ට විරුද්ධව ගුවන් ප්‍රහාර එල්ල කරයි.


(255)



අදහස් (0)

යේමනයේ මහ බැංකුව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site