සානාහිදීය (ඒ.එෆ්.පී)
උතුරු යේමනයේ වෙළෙඳපොළක් ආසන්නයේදී බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් කුඩා දරුවන් 29 දෙනකු මියගොස් ඇතැයි රතු කුරුස සංවිධානය සඳහන් කරයි.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා යැයි වාර්තා වන අතර හූති සටන්කාමීන් ඉලක්ක කරගනිමින් තමන් නීත්‍යානුකූල හමුදා ප්‍රහාරයක් දියත් කළ බව ඒකාබද්ධ හමුදා පවසයි.
උතුරු යේමනයේ සාදා හි දහ්යාන් වෙළෙඳපොළ ආසන්නයේ නවතා තිබූ බස් රථයකට ප්‍රහාරය එල්ල වූ බවත් බස් රථයේ දරුවන්ගෙන් පිරි තිබූ එකක් බවත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සඳහන් කරයි.
“යේමනයේ සිටින අපේ කණ්ඩායම් රෝහල් බලධාරීන්ට සහයෝගය දුන්නා. වයස අවුරුදු 15ට දරුවන් 29 දෙනකුගේ මළසිරුරු තිබෙනවා. තවත් 48 දෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලැබුවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ද දරුවන්” යැයි අයි.සී.ආර්.සී හෙවත් අන්තර්ජාතික රතු කුරුස සංවිධානය සඳහන් කළේය.
විනෝද චාරිකාවක් ගොස් නැවත පාසල බලා එමින් සිටි දරුවන් පිරිසක් බසයේ සිටි බවත් රියදුරු පානය කිරීමට යමක් මිලදී ගැනීමට බස් රථය නැවැත්වූ අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් ජාත්‍යන්තර පුණ්‍ය ආයතනයක් වන ‘සේව් ද චිල්ඩ්‍රන්’ සංවිධානය සඳහන් කර තිබිණි.
055
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යේමනයේ බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් 29 ක් මරුට