මොස්කව්හිදීය (රොයිටර්)
රුසියානු අධිකරණයක් අද (12) යුක්රේන මාධ්‍යවේදියකුට වසර 12ක සිර දඬුවමක් නියම කළේය.
යුක්රේනය වෙනුවෙන් චරපුරුෂ සේවයේ යෙදුණු බවට චෝදනා කරමින් යුක්රේන මාධ්‍යවේදියාට මෙලෙස සිර දඬුවම් නියම කෙරුණි. සිරදඬුවම් නියම වූයේ 49 හැවිරිදි වියේ පසුවන යුක්රේන මාධ්‍යවේදී රොමාන් ෂෂ්ච්චෙන්කෝය.
රොමාන් පැරිසියේ සිට මොස්කව් නුවරට පැමිණි අතර එහිදි ඔහු යුක්රේනයේ රාජ්‍ය පුවත් ආයතනය වන ‘යුක්රිනිෆෝම්’ හි වාර්තාකරුවකු ලෙස සේවය කළේය. හෙතෙම 2016 වසරේදී රුසියාවේ එෆ්.එස්.බී ආරක්ෂක සේවයේ අත්අඩංගුවට පත්විය.
මෙම සිදුවීමත් සමඟ යුක්රේනය සහ රුසියාව අතර තිබෙන මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇත.
යුක්රේනයේ සිටි රුසියානු හිතවාදී ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමත්, රුසියාව ක්‍රිමියා කලාපය අල්ලා ගැනීමත් යනාදි සිදුවීම් හේතුවෙන් 2014 වසරේ සිට දෙරට අතර සබඳතා පළුදු වී තිබේ. මේ සිදුවීම් දාමයත් සමඟ යුක්රේනයේ නැගෙනහිර පෙදෙසේ රුසියානු හිතවාදී බෙදුම්වාදී කැරැල්ලක් ද ඇති විය.
රුසියානු ආරක්ෂක අංශ සම්බන්ධයෙන් රහස් තොරතුරු එකතු කළ බවට රොමාන්ට චෝදනා එල්ල වන නමුත් හෙතෙම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන මාධ්‍යවේදියකුට රුසියානු අධිකරණයෙන් වසර 12ක සිර දඬුවමක්