එකසිය හැත්තෑ හය දෙනකුට මරු කැඳවමින් සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සමඟ සාකච්ඡා කරන බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අද (10) පැවැසීය.
ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ගුවන් යානය කඩා වැටුණු බවට වාර්තා පළ වීමත් සමඟ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව යුක්රේන් ජනාධිපතිවරයා කීවේය.
ඉරානය එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ගුවන් යානය කඩා වැටුණු බවත් එසේ වුවත් ‘හිතාමතා’ කරන ලද්දක් නොවන බවත් බුද්ධි අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
“මිසයිලයක් එල්ල වූ බවට තොරතුරු වාර්තා වෙනවා. එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් තවමත් එය තහවුරු කර නැහැ” යැයි සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි කීවේය.
පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා යුක්රේනය සියලු තොරතුරු ඉල්ලා ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සිකුරාදා පස්වරුවේ මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන බව ද කීවේය.
“අපේ අරමුණ සත්‍ය සොයාගැනීමයි. මනුෂ්‍ය ජීවිත සියලු දේශපාලන වුවමනා එපාකම්වලට වඩා ඉහළ” යැයි යුක්රේන් ජනාධිපතිවරයා කීය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.