චීනයේ මී මැසි පාලනය කරන්නකුවන ෂි පින්ග් (34) සිය සිරුර මී මැස්සන් ලක්ෂ පහකින් පමණ ආවරණය කරගන්නේ පැණි වැඩිපුර විකුණා ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. ඔහු පවසන්නේ මෙතෙක් තමන්ට දෂ්ඨ කැර ඇත්තේ මී මැස්සන් 20ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් බවයි.
චීනයේ නිරිත දිග චොං ක්විං හි වාසය කරණ පින්ග් මෙම දුෂ්කර ක්‍රියාවට මුහුණ පෑම සඳහා තම බිරිඳගේ සහ මී මැසි පාලනයේ යෙදී සිටින අනෙක් මිතුරන්ගේ සහාය ලබාගනී. ඔහුගේ මී මැසි ඇඳුම කිලෝ ග්රූම් 45 ක් එනම් රාත්තල් 100 ක බරකින් යුක්තය.
ඔහු මුල්වරට වයස අවුරුදු 22 දී මෙම ක්‍රියාවට පෙළඹී ඇත්තේ කුතුහලයකින් තොරව විනෝදාංශයක් ලෙස බවයි. පසුව මී මැසි ඇඳුම හේතුවෙන් වැඩි වැඩියෙන් මී පැණි වෙළඳාම දියුණු වූ බව හෙතෙම පවසයි.
මී මැස්සන් සිය සිරුරේ දවටාගෙන ඔහු විනාඩි 45ක් පමණ ගතකරයි. මේ කාලයේදී ඔහුගේ ශරීරයේ උණුසුම් තත්වයක් ඇතිවී හුස්ම හිරකරණ සහ තැතිගත් ස්වභාවයක් පෙන්නුම් කරණ බවත්, මෙම මි මැසි ඇඳුම ඇඟට පැළඳි විට මී වද 28ක පමණ මැස්සන් ප්‍රමාණයක් තම ශරිරයේ එක්වන බවත් පින්ග් කියයි.
මී මැස්සන් ශරීරයේ තැන්පත් කර ගැනීම ලෝකය පුරා පැතිර ඇති අත්භුත ජනක විනෝදාංශයකි. එය තරඟ ඉසව්වක් ලෙස ද පැවැත්වේ. එහිදී ඇඟේ වසාගන්නා මී මැස්සන් ප්‍රමාණය අනුව ජයග්‍රාහකයා තීරණය වෙයි.
සාමාන්‍යයෙන් මී මැස්සන් තම ශරීරයේ රඳවා ගැනීමට එම තැනැත්තාට හැකි වන්නේ රජ මැස්සිය ශරීරය කිසියම් ස්ථානයක් තුළ සඟවා තබා ගත් විට පමණක් යැයි මී මැස්සන් ගැන පර්යේෂක හා විද්‍යාඥ ආචාර්ය නොර්මන් ගාරි කියයි. පින්ග්ගේ විශේෂත්වය වන්නේ තම සිරුරේ මී මැස්සන් රඳවා ගැනීමේ හැකියාව ඇති ලොව පුද්ගලයන් අතර සිය මුඛය වටා වැඩිම මී මැස්සන් ප්‍රමාණයක් රඳවා ගැනීම සම්බන්ධයෙන් ඔහු ගිනස් වාර්තා පවා ඇතුලත්ව සිටීමයි.
තම ශරිරයේ වැඩිම මි මැස්සන් ප්‍රමාණයක් එනම් කිලෝ ග්රූම් 62.1 ක් රාත්තල් 136 ක් රඳවා තබා ගැනීම වෙනුවෙන් ලෝක වාර්තාව උසුලන්නේ චීනයේ රුඅන් ලියංග් මිංග් නමැති අයෙකි.







COMMENTS
මාත් මී මැස්සෝ ඇති කරන්ට ගොඩක් ආසයි. එ්ත් ඒ ගැන වැඩි දැනුමක් නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් දුරකතන අංකය දමන්න.(නදී)
අම්මෝ! මී මැස්සෝ වහලා ඉන්න කෙනාව දැක්කහම මම බය වුණා (නි)
මම පාසල් යන කාලයේ සිංහරාජයේ ගල් ගේක ඉඳලා රජ මැස්සි අල්ලලා මගේ අතට දුන්නා අපේ මාමා කෙනෙක්. පස්සේ ඔක්කොම මැස්සෝ මගේ අත වහ ගත්තා. මට බයත් හිතුනා. එහෙත් සැතපුමක් විතර දුර ගෙදර ගෙනල්ලා මී මැසි පෙට්ටියකට දා ගත්තා. උන් දෂ්ට කළේ නැහැ,මම නම් මී මැස්සන්ට බය නැහැ. ගමේ ඉන්නතුරු මම මී මැස්සෝ පෙට්ටි වල හැදුවා. හොඳ ඔර්ජිනල් මීපැණි ගත්තා. (නි)