මිහිතලය උණුසුම් වීම ගැන ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවේ දී අවධානය යොමු වී තිබෙන බව වාර්තාවේ.
මෙම සමුළුව පෝලන්තයේ කිටොවයිස් නුවර දී ඊයේ (2) ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරු සිව් දෙනෙක් ද මෙම සමුළුවට එක්ව සිටිති.
ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීමට කැපවීම අනිවාර්ය බව එහිදී තීරණය වී ඇත.
වසර 2030 වන විට 45 % කින් අහිතකර වායු පරිසරයට මුදාහැරිම පාලනය කර නොගත හොත් පෘථිවිය දැඩි පාරසරික අර්බුදයකට ලක්විය හැකි බව ඔවුහු පවසති.
ඒ අනුව ලොව සියලු රටවල් අහිතකර වායු පරිසරයට මුදාහැරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ බවයි.
(28535)
(බීබීසි ඇසුරෙනි)
COMMENTS