අන්තර්ජාලය භාවිතයට දැඩිසේ ඇබ්බැහිව සිටි සිසුවෙකු ඉන් අත්මිදෙනු වස් වම් අත කපා වෙන්කරගෙන ඇති පුවතක් චීනයෙන් වාර්තා වේ.
පොලිසිය පවසන ආකාරයට දෙමව්පියන්ට රහසේ නිවසෙන් පැනගොස් ඇති හෙතෙම උද්‍යානයකට ගොස් නිවසේ සිට රැුගෙන ආ පිහියකින් මැණික් කටුව ආසන්නයෙන් වම් අත කපා වෙන්කර ගෙන ඇත.
ලේ පෙරමින් සිටි මොහු දුටු උද්‍යානයේ සිටියෝ වහාම ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.ප‍්‍රතිකාර කළද වම් අතේ කි‍්‍රයාකාරීත්වය නැවත ඔහුට ලැබීම සැක සහිත බව වෛද්‍යවරු කියයි.
දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වීම චීනය මේ දිනවල මුහුණදෙමින් සිටින අලූත්ම සමාජ ව්‍යසනයයි.වාර්තා වන ආකාරයට වයස අවුරුදු 18 ට වඩා අඩු දරුවන් පවා අන්තර්ජාල භාවිතයට ඇබ්බැහිවෙමින් සිටින වාතාවරණයක් චීනයේ ඇතිවෙමින් පවතී.
මෙම තත්ත්වය මර්දනය කිරීමට විවිධ වැඩමුළු හා දරුවන් සදහා වන කඳවුරු වැඩටහන් කි‍්‍රයාත්මක කිරීමට චීන බළධාරීන් කටයුතු කරමින් සිටී.
සමස්ථයක් වශයෙන් ආසියාව සැළකූ විට ඉතා කුඩා වයස් වල දරුවන් පවා ඉලෙක්ට්‍රෝනික උපාංග හා අන්තර්ජාලයේ වහලූන් බවට පත්වෙමින් සිටින බව සමිීක්ෂණ වලින් අනාවරණයව තිබේ.
මෙනිසා බොහෝ ආසියා රටවල් විශේෂ නීති හඳුන්වාදීමට මේ වන ටි පියවර ගෙන ඇත.
උදාහරණයක් වශයෙන් තායිවානයේ කුඩා දරුවන්ට ජංගම දුරකථන,අයිපෑඩ, ඇතුළු ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතා කිරීමට ඉඩ දීම තහනම්ය.එවැන්නකට ඉඩ දී තිබෙන දෙමව්පියන් හසුවුවහොත් ඔවුන්ට පවුම් 1000 ක පමණ දඩයක් ගෙවීමට සිදුවේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුහුණ සමග තරහට නහය කපා ගැනීම
දුමින්ද Thursday, 05 February 2015 04:07 AM
ඕක මොකක්ද තැල්ල බඳින්න සමහරු බෙල්ල කපාගන්නකොට (නි)
අශෝක රළපනාව Wednesday, 04 February 2015 06:45 AM
අන්තිමට කියලා තියෙන දඩුවම නම් හැම කෙනෙක්ටම ගැලපෙනවා (දිල්)
ජයත් Wednesday, 04 February 2015 10:39 AM
වඳුරන්ට දැලිපිහි දුන්නම ඔහොම වෙනවා .ඒ එක්කම අශෝකත් එක්ක මම එකඟයි !(හේ)