ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයේ මාවෝවාදී කැරැලිකරුවෝ පෙරේදා (24) ප‍්‍රාන්ත සභා මන්තී‍්‍රවරයකු පැහැර ගත්හ. ජින්නා හිකාකා නැමැති 37 හැවිරිදි එම මන්තී‍්‍රවරයා පැහැර ගැණුනේ, මාවෝවාදී කැරැලිකරුවන් ඉතාලි ජාතික සංචාරකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් සතියක් ගතවෙද්දීය. හිකාකා, ඔරිස්සා ප‍්‍රාන්තයේ බලය අල්ලා ගෙන සිටින ‘ජනතා දාල්’ පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරයෙකි. මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිද්දී මන්තී‍්‍රවරයා පැහැර ගැනුණේ බුබනේෂ්වර් නුවර සිට කිලෝ මීටර් 450 දුරින් පිහිටි කඳුකර ප‍්‍රදේශයකදීය. ඉතාලි ජාතික සංචාරකයන් දෙදෙනා නිදහස් කිරීමට ඉදිරිපත් කළ කොන්දේසිම මන්තී‍්‍රවරයා නිදහස් කිරීමට ද කැරැලිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. කැරැලිකරුවන් ඉල්ලා සිටින්නේ ඔවුන් මර්දනය කිරීමට මධ්‍යම සහ ප‍්‍රාන්ත රජය ගෙන යන වැඩ පිළිවෙළ නවත්වන ලෙසටත්, අත්අඩංගුවේ පසුවන තම සාමාජිකයන් නිදහස් කරන ලෙසටත්ය. පැහැරගනු ලැබූ එක් ඉතාලි සංචාරකයකුට ඊයේ (25) සවස නිදහස හිමි විය.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd