IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාලි ටිම්බක්ටු නගරය ප‍්‍රංශ හමුදා අතට

මාලි හමුදාව සමඟ එක් වී එරට ටිම්බක්ටු නගරය අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට එරටට පැමිණ සිටින ප‍්‍රංශ හමුදා ඊයේ (29) සමත් වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
ටිම්බක්ටු යනු මාලි රටේ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ නගරයකි.
ප‍්‍රංශ හමුදා ටිම්බක්ටු නුවර සටන්කාමීන්ට පහර දෙද්දී පසුබැස ගිය සටන්කාමීන් නගරයේ ප‍්‍රසිද්ධ පුස්තකාල ගිනි තබා විනාශ කළ බව ද වාර්තා විය.
මේ වනවිට ප‍්‍රංශ හමුදාවේ සහාය ඇතිව ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති ප‍්‍රධාන නගර කීපයක් යළි අත්පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව මාලි හමුදාව පවසා ඇත.
දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක පසුවන උතුරු අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යයේ පසුගිය වසරේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවී රට දේශපාලනික වශයෙන් අස්ථාවර විය.
එම අවස්ථාවෙන් ප‍්‍රයෝජනගත් උතුරු අපි‍්‍රකා අර්ධ ද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සහ සෙසු ඉස්ලාමීය ජිහාඞ් සටන්කාමීහු එහි නගර රැුසක් අත්පත් කර ගත්හ.
මාලි රාජ්‍යය සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට අන්තර්ජාතික සහාය මාලි හමුදාවටත් එරට රජයටත් හිමිවෙයි.
ප‍්‍රංශය පමණක් නොව බටහිර අපි‍්‍රකා රාජ්‍යයන් සහ අපි‍්‍රකානු සංගමය ද ඔවුන්ගේ හමුදා මාලි රාජ්‍යයට යැවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම පරිදිය. මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක් ලෙස පැවැතිණි.



අදහස් (0)

මාලි ටිම්බක්ටු නගරය ප‍්‍රංශ හමුදා අතට

ලාල් Wednesday, 30 January 2013 05:49 PM

හොද පුවතක්. (නි)

:       1       0

සම්පත් Thursday, 31 January 2013 10:34 AM

ඉතිහාසය විනාශ කල පසු ඔවුන්ගේ ජනාවාස පිහිටුවීම පහසු වෙනවා (ස)

:       1       0

ජීව Thursday, 31 January 2013 05:04 PM

ඔවුන් එදා ඉඳන්ම කළේ සත්‍ය විනාශ කරන එකයි. (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site