හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහකළ මාලදිවයින් හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්(45) එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කිරීමට මාලදිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
එම පක්ෂය විසින් මෙම තීරණය ගනු ලැබූයේ 48,000ක් වන පක්ෂ සාමාජිකත්වයෙන් සිදු කළ ඡන්ද විමසීමකට අනුවය. ඡන්දය පැවැත්වීමට පෙර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කියා සිටියේ පක්ෂ සාමාජිකත්වයෙන් සියයට 10ක් නෂීඞ් ජනාධිපති අපේක්ෂකත්වයට කැමැත්ත පළ කළ හොත් ඔහුට ඊට සුදුස්සකු ලෙස පිළිගන්නා බවය.
එලෙස ඉකුත් 16 වැනිදා පැවැති ඡන්ද විමසීමේ දී පක්ෂ සාමාජිකයන් 22,000කට වැඩි පිරිසක් නෂීඞ්ට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කර තිබූ බව පක්ෂ සංවිධායක ඊබ‍්‍රහිම් වහීඞ් සඳහන් කළේය. නෂීඞ්ට විරුද්ධව ඡන්ද ප‍්‍රකාශ කර තිබුණේ ඉතා සුළු පිරිසක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. මෙම ප‍්‍රතිඵල නිකුත් වූයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලින් අඩක් නිම වූ අවස්ථාවේදීය.
ඒ අනුව මොහොමඞ් නෂීඞ් එළඹෙන මාලදිවයින් ජනාධිපතිවරණයට එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ලෙස තේරී පත් වූ බව එම පක්ෂය පවසයි.
ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහ එරට ව්‍යාපාරිකයන්ගේ පෙළඹවීම මත 300කගෙන් යුත් හමුදා කණ්ඩායමක් විසින් තමාට ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කළ හෙයින් තමා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව නෂීඞ් පවසයි.
මෙලෙස මාලදිවයින තුළ නිර්මාණය වූ වියවුල් දේශපාලන තත්ත්වය මැඬපැවැත්වීමට සඳහා ජනාධිපතිවරණයක් පවත්වන්නැයි යුරෝපා සංගමය,ඇමෙරිකාව සහ ඉන්දියාව මාලදිවයින් රජයට දන්වා තිබේ.
2025 නොවැම්බර් මස 17
123
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
975
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2580
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාලදිවයින් හිටපු ජනපති නෂීඞ් ජනාධිපතිධූර අපේක්ෂකත්වයට
කිරිමාටින් Wednesday, 20 June 2012 01:29 PM
කවුරු ආවත් අපට මොකද ???..
ඒඑස් Wednesday, 20 June 2012 01:13 AM
මලදිවයිනටත් ෂරියා ඉල්ලලා කෑ ගහැපු අයගෙ හිතට දැන් අමාරු ඇති නේද ...
උදිත Tuesday, 19 June 2012 04:28 PM
මොනව උනත් හොඳ මිනිහා !!!
රන්දික Tuesday, 19 June 2012 05:29 PM
අත අරින්න එපා...
ෆාරැ Tuesday, 19 June 2012 06:23 PM
උදිත ඔයා මොනවද දන්නේ මෙයා ගැන...
කෝලිත Wednesday, 20 June 2012 10:04 AM
සාධාරණ ඡන්දයක් තියෙයි කියල හිතන්න අමාරුයි ඒත්....ජය වේවා !
දිනේෂ් පෙරේරා Tuesday, 19 June 2012 11:37 AM
මාලදිවයිනේ බහුතර ජනතාවගේ කැමැත්ත...
සකලබුජං Tuesday, 19 June 2012 09:44 PM
රනරාලගෙන් ඇහුවනං කියයි...