මාලදිවයින් ජනපති මොහොමඞ් වහීඞ් කළ යුතු නිවැරැදි දේ නම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම බව එරට හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් ඊයේ(14) පැවැසීය.
ජනපති වහීඞ් ධූරයෙන් ඉවත්වී අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතු බව පවසන නෂීඞ්, ඉන් පසුව මාලදිවයින් වැසියන්ට සිය පාලකයා තෝරා ගැනීම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතු බව ද සඳහන් කළේය.
හිටපු ජනපති නෂීඞ් මේ වන විට එරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ රැකවරණය යටතේ සිටී. නෂීඞ් අත්අඩංගුවට ගැනිමට එරට මහේස්ත‍්‍රාත් අධිකරණය පෙරේදා(13) නියෝග කිරීමත් සමඟ ඔහු රැකවරණය පතා මාලේ නුවර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පැමිණියේය.
තමා අයත් මාලදිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සාමාජිකයන් 800 දෙනකුට එරෙහිව එල්ල කර ඇති චෝදනා දේශපාලන අරමුණින් සිදු කර ඇති බව කී නෂීඞ් එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඒ සියල්ලක්ම ඉවත දමන ලෙසද එරට රජයෙන් ඉල්ලා සිටී.
|
නෂීඞ් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පැමිණි අවස්ථාව |
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
913
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාලදිවයින් ජනපති වහීඞ් ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි
ගාමිණී Friday, 15 February 2013 09:57 PM
කවුරු දිනුවත් අපිට කමක් නැහැ, උම්බලකඩ මිළ පහත දානවා නම්. (නි)