IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මාලදිවයින් ජනපතිවරණය අද

ඉන්දීය සාගරයේ දූපතක් වන මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා මිලියනයෙන් හතරෙන් එකකට ආසන්න වන ඡන්ද දායකයන් අද (23) ඡන්ද පොළට යෑමට නියමිතය. 
 
ජාත්‍යන්තරයේ දැඩි විවේචන හමුවේ මාලදිවයිනේ මෙම ජනාධිපතිවරණය පැවැත්වෙයි. ජනාධිපතිවරණය විනිවිදභාවයෙන් තොර යැයි ද ආණ්ඩුවේ දැඩි මර්දනය හමුවේ මැතිවරණය පැවැත්වෙන්නේ යැයි ද ජාත්‍යන්තර ප්‍රජාව චෝදනා කරති. 
 
මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි සීමා පනවා තිබෙන අතර ඡන්දය ප්‍රකාශ කරන ආකාරයේ යම් යම් වෙනස්කම් කර තිබෙන අතර මේ හේතුවෙන් ජනාධිපතිවරණයේ සාධාරණත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වී තිබේ. මේ වෙනස්කම් නිසා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී ඇත.
 
ඉන්දීය සාගරයේ සංචාරක පරාදීසයක් වන මාලදිවයින ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන බල අරගලයේ ප්‍රධාන රාජ්‍යයක් බවට පත්ව ඇත. 
 
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු සමීක්ෂණයක් නොකෙරුණු අතර මේ නිසා කවුරුන් ජය ගනීද යන්න ප්‍රකාශ කිරීම දුෂ්කරය.  
 
සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වුවහොත් දූෂණය එරෙහිව පියවර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට පොරොන්දු වී සිටින විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහම්මෙද් සෝලි ජයගනු ඇතැයි මාලිදිවයිනේ සංචාරය කළ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල පිරිසක් පවසති. 
 
ජනාධිපති අබ්දුල්ලා යමීන් දෙවැනි ධුර කාලයක් වෙනුවෙන් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වී සිටී. ඔහුට චීනයේ සහාය හිමි ව තිබේ. ආර්ථිකය ඉතා ඉහළ තැනකට ගෙන එන බවට ද ඔහු පොරොන්දු වී තිබේ. චීනයේ සහාය ඇතිව මාලදිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරණය ජයගැනීම උපායමාර්ගික ඔහුට ඉතා වැදගත් යැයි ආධාරකරුවෝ පවසති.
 
රොයිටර්   
 
055



අදහස් (0)

මාලදිවයින් ජනපතිවරණය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 509 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site