වොෂින්ටන්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාව හමුවේ පෙනි සිටීමට පෙර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කොංග්‍රස් සභිකයන් කිහිපදෙනකු හමුවීමට නියමිත බව වාර්තා වේ.
ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන්නන්ගේ දත්ත දේශපාලන උපදේශන සමාගමකට ලබා දීමේ චෝදනාව නිසා කොංග්‍රසයේ හමුවේ පෙනි සිටින ලෙස කොංග්‍රස් සභාව මීට පෙර අවස්ථාවකදී මාර්ක් සකර්බර්ග්ට දන්වා තිබිණි.
මාර්ක් සකර්බර්ග් කොංග්‍රස් සභාව හමුවේ පාපෝච්චාරණය කිරීමට නියමිත අතර ඊට පෙර ඔහු මෙලෙස කොංග්‍රස් සභිකයන් කිහිපදෙනකු හමුවීමට නියමිත බව වාර්තා විය. මෙම හමුවේදී සකර්බර්ග් හමුවන කොංග්‍රස් සභිකයන්ගේ නම් අනාවරණය කර නොතිබුණු අතර එය ප්‍රසිද්ධ හමුවක් නොවීම ඊට හේතු ව යැයි වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර මාර්ක් සකර්බර්ග් අද (9) කොංග්‍රස් සභිකයන් හමුවීමට නියමිතව තිබූ බව වාර්තා විය.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd