IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාර්ක් සකර්බර්ග් කොංග්‍රස් සභිකයන් හමුවේ


 
වොෂින්ටන්හිදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාව හමුවේ පෙනි සිටීමට පෙර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කොංග්‍රස් සභිකයන් කිහිපදෙනකු හමුවීමට නියමිත බව වාර්තා වේ. 

ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන්නන්ගේ දත්ත දේශපාලන උපදේශන සමාගමකට ලබා දීමේ චෝදනාව නිසා කොංග්‍රසයේ හමුවේ පෙනි සිටින ලෙස කොංග්‍රස් සභාව මීට පෙර අවස්ථාවකදී මාර්ක් සකර්බර්ග්ට දන්වා තිබිණි. 

මාර්ක් සකර්බර්ග් කොංග්‍රස් සභාව හමුවේ පාපෝච්චාරණය කිරීමට නියමිත අතර ඊට පෙර ඔහු මෙලෙස කොංග්‍රස් සභිකයන් කිහිපදෙනකු හමුවීමට නියමිත බව වාර්තා විය. මෙම හමුවේදී සකර්බර්ග් හමුවන කොංග්‍රස් සභිකයන්ගේ නම් අනාවරණය කර නොතිබුණු අතර එය ප්‍රසිද්ධ හමුවක් නොවීම ඊට හේතු ව යැයි වාර්තා විය. 

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර මාර්ක් සකර්බර්ග් අද (9) කොංග්‍රස් සභිකයන් හමුවීමට නියමිතව තිබූ බව වාර්තා විය.    
 
(055)



අදහස් (0)

මාර්ක් සකර්බර්ග් කොංග්‍රස් සභිකයන් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site