ව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින්, ඒවා කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන්ට සුබ පැතුවේය.
ජනපති ස්වෙන් මේ වනවිට ඇමෙරිකාවේ සංචාරයක යෙදි සිටී. එම සංචාරයේ අරමුණ ජනපති ඔබාමා හමුවී, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමය. එය සාර්ථක වී ඇතියි විදෙස් පුවත් පවසයි.
ජනපතිවරුන් දෙදෙනා අතර විශේෂ හමුවක් පෙරේදා (20) ධවල මන්දිරයේදී පැවැති අතර ඔබාමා මියන්මාර ජනපතිට සුබ පැතුවේ එම අවස්ථාවේදීය. 
මියන්මාර රාජ්‍ය නායකයකු ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකා ජනපතිවරයා හමුවූයේ වසර 50 කට පසුවය. මියන්මාරය සමඟ  රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කරමින් එරටට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ද ඔබාමා පරිපාලනය පියවර ගෙන ඇත.