මියන්මාරයේ රඛීන් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකට අද (13) එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් දරුවන් 20 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රදේශයට කිසිවකුටවත් ඇතුළුවීමටත් පිට වීමටවත් නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර මෙම ප්‍රදේශවල ‘ඇරකන් ආමි’ කැරැලිකරුවන් හා රජයේ හමුදා අතර දරුණු ගැටුම් පවතී.
බුතිඩොන්ග් නගර ආශ්‍රිත ප්‍රදේශයේ පාසලකට එම මෝටර් ප්‍රහාරය එල්ල වී තිබෙන අතර එය කවුරුන් කළ ප්‍රහාරයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙපාර්ශවය අතර පවතින ගැටුම් හේතුවෙන් සැලකිය යුතු පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර සිය ගණනක් තුවාල ලබා ඇත. තවත් 100,000කට වැඩි පිරිසක් අවතැන් වී සිටිති.
‘ඇරකන් ආමි’ කැරැලිකරුවෝ රඛීන් පළාතට ස්වයංපාලන බලතල ඉල්ලමින් සටන් වදිති.
මෝටාර් ප්‍රහාරයෙන් එක් දැරියකගේ තත්ත්වය බරපතළ යැයි ද දරුවන් බොහෝ දෙනකුගේ අත් සහා පාවලට තුවාල සිදුව ඇතැයි ද වාර්තා විය. තුවාල ලැබූ දරුවන් සියලු දෙනා ‘කමි’ ජනවර්ගයට අයත් බව පැවසේ.
රඛීන් ප්‍රාන්තයේ වාර්ගික රඛීන් බෞද්ධයෝ එම ප්‍රාන්තයේ සුළුතර ජනතාව ලෙස ජීවත් වෙති.
මෙම ප්‍රාන්තයේ විවිධ ජන හා වාර්ගික කොටස්වලට අයත් පිරිස් ජීවත් වෙති.
2017 වසරේ ඇති වූ ගැටුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් පලාගියේ ද උතුරු රඛීන් ප්‍රාන්තයෙනි. එම ගැටුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම්වරු 740,000ක වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාරයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 20 කට තුවාල