මියන්මාරයේ ආගමික ගැටුම් පවතින රෝහිංයාහී වැසියන්ගේ නිවාස 1200ක් පමණ විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එරට හමුදාව වෙතට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වනු ඇතැයි මානව හිමකම් සංවිධාන කියයි.
එරට හමුදාව එම ප්‍රදේශයේ ආරක්ෂක මෙහෙයුම් දියත් කරන අතර හමුදාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.එම ප්‍රදේශවලට විදේශ මාධ්‍යවේදීන්ට ඇතුළුවීම තහනම් කර ඇති අතර ප්‍රදේශවාසීහු එම ප්‍රදේශ වලින් පලායති.
ජාත්‍යන්තරයේ අවධානය ලබාගැනිම සඳහා රෝහිංයා වැසියන් ඔවුන්ගේ නිවෙස් වලට ගිනි තබන බවට මියන්මාර රජය චෝදනා කරයි.
රෝහිංයාහී බොහෝ සංක්‍රමණිකයින් වෙසෙන බවත් එම වැසියන්ට තම ගම්මාන අතහැර යන ලෙස තර්ජනය කර ඇති බවත් මීට පෙර වාර්තා විය.එම පිරිස් මියන්මාර ජාතිකයින් ලෙස පිළිගැනීමට මියන්මාර වැසියෝ ප්‍රතික්ෂේප කරන අතර එම නිසා එම ප්‍රදේශයේ ගැටුම් ඇති වෙයි.
මියන්මාර හමුදාව මිට දින කිහිපයකට පෙර රැහැයින්හී 25 දෙනකුට වෙඩි තබා මරා දමා තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS