IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මියන්මාරයෙන් සංක්‍රමණිකයෝ බේරා ගැනෙති

බංග්ලාදේශ මුහුදු සීමාව ආසන්නයේ පාවෙමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් බේරාගත් බව මියන්මාර රජය පවසයි. මියන්මාරය සංක්‍රමණිකයන් බේරාගත් පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබේ.

මියන්මාරයෙන් පලායන රුවින්ග්යා මුස්ලිම්වරු හා බංග්ලාදේශයෙන් යන පිරිසක් මේ බෝට්ටුවල සිටි බව ද අනාවරණය වී ඇත. සංක්‍රමණිකයන් පිළිබඳ ඇති වාර්තාවලට අනුව තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව දැනට මෙවැනි සංක්‍රමණිකයන් 3000ට පමණ රැකවරණ සලසා ඇත. මියන්මාර රජය පවසන්නේ මේ සංක්‍රමණිකයන් හඳුන්වා ඇත්තේ බෙංගාලිස් යනුවෙන් බවයි.

ඔවුන් අල්ලාගෙන ඇත්තේ මියන්මාරයේ රැකින් ප්‍රාන්තය ආසන්නයේ බංග්ලාදේශ මුහුදු සීමාවේ මේ යාත්‍රා රැඳී සිට ඇත්තේ තවත් කුඩා යාත්‍රා මගින් සංක්‍රමණිකයන් පැමිණෙන තුරු බව ද අනාරවණය වී ඇත.

කෙසේ වෙතත් මුහුදේ අතරමංව සිටින සරණාගතයන්ට මානුෂීය ආධාර සැපයිමට මියන්මාර රජය දැන් එකඟවී සිටියි. නමුත් එම රජය දන්වා ඇත්තේ මියන්මාර වැසියන් යැයි ස්ථිරව හඳුනාගන්නා පුද්ගලයන්ට පමණක් තම රටේ ජිවත්වීමට අවසර ලැබෙන බවයි. මලයාසියාව ද සරණාගතයන් රැගත් බෝට්ටු සෙවිමේ කටයුතු සිකුරාදා සිට ආරම්භ කැර ඇත්තේ එරට ජනාධිපති නජීබ් රසාක් විසින් සරණාගතයන් ගලවා ගන්නා මෙහෙයුම් ඇරඹූ බව ප්‍රකාශ කිරීමෙන් පසුවය.

ඇමරිකානු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ තම රටේ මුර සංචාරක යාත්‍රා මගින් මේ ප්‍රදේශයේ සරණාගතයන් මුදවා ගැනීමට සහාය දිමට කැමැති බවයි.



අදහස් (0)

මියන්මාරයෙන් සංක්‍රමණිකයෝ බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site