IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මියන්මාරයට නායකත්වය දෙන්න සූ කී ඕනෑම මොහොතක සූදානම්

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර, මියන්මාරයට නායකත්වය දීමට තමා  ඕනෑම අවස්ථාවක සූදානම් බව බි‍්‍රතාන්‍යයේ සංචාරයක යෙදෙන එරට විපක්ෂ නායිකාව මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී පවසයි. සූ කී මේ බව කියා සිටියේ ලන්ඩන් නුවරදී බී.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමිනි. මියන්මාරයේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2015 වසරේදීය. ”රටට නායකත්වය දෙන්න මා  ඕනෑම මොහොතක සූදානම්. මා දන්නවා ජනතා සහාය මට නොඅඩුව ලැබෙනවා. මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒමට මා  ඕනෑම මොහොතක සූදානම්” යැයි සූ කී බී.බී.සී. පුවත් සේවය සමඟ පැවැසීය. සූ කී බි‍්‍රතාන්‍යයට පැමිණියේ පෙරේදා (19) ය. ඇගේ 67 වැනි උපන්දිනය ද එදිනට යෙදී තිබුණි. ලන්ඩන් නුවරට පැමිණි ඇයට බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් පමණක් නොව බි‍්‍රතාන්‍යයේ වෙසෙන මියන්මාර ජාතිකයන්ගෙන් ද ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණි. ලන්ඩන් ආර්ථික විද්‍යා පීඨයේ සිසු සිසුවියන් හමුවේ දේශනයක් කළ සූ කී කියා සිටියේ තමන්ගේ මුරණ්ඩුකම නිසා කරදරේ වැටී, අභියෝගවලට මුහුණ දීමට සිදුවුණු තමන්ට, ශක්තිය සහ ධෛර්යය ලැබුණේ ජනතාව තමන් සමඟ සිටීම නිසා කියාය. ලන්ඩන් ආර්ථික විද්‍යා පීඨයේ දේශනයෙන් පසු ඇය ඔක්ස්ෆර්ඞ් බලා පිටත්ව ගියාය.



අදහස් (0)

මියන්මාරයට නායකත්වය දෙන්න සූ කී ඕනෑම මොහොතක සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site