ඇමෙරිකානු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාව සිටි කොන්රඞ් මරේ වරදකරු බව ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයක් පෙරේදා (7) තීන්දු කළේය.ජැක්සන්ගේ මරණය සිදුවුණේ වෛද්‍ය මරේගේ නොසැලකිල්ලෙන් බව ජූරි සභාව ද ඒකමතිකව තීරණය කර තිබුණි. අධිකරණය එම තීන්දුව ප‍්‍රකාශ කළේ සති හයක් තිස්සේ පවත්වන ලද නඩු විභාගයකින් පසුවය. වෛද්‍යවරයා එම චෝදනා ප‍්‍රතික්ෂේප කළ අතර, නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව 58 වැනි වියෙහි පසුවන මරේ මාංචු දමා සිර මැදිරිය වෙත ගෙන යන ලදී. ඔහුගේ දඬුවම එලැඹෙන නොවැම්බර් 29 වැනිදා කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. වෛද්‍ය මරේට වසර 4 කට නොඅඩු සිර දඬුවමක් හිමිවනු ඇති අතර ඔහුගේ වෛද්‍ය වෘත්තිය ද අහෝසි වනු ඇත.නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මයිකල් ජැක්සන්ගේ පවුලේ අය අධිකරණ ශාලාවට පැමිණ සිටි අතර අධිකරණ ශාලාවෙන් පිටත ජැක්සන්ගේ රසික රසිකාවියෝ දහස් ගණනක් රැස්ව සිටියහ. නඩු තීන්දුව අසා පී‍්‍රතියට පත් වූ ඔවුන් පැවැසුවේ යුක්තිය ඉටු වූ බවය.මයිකල් ජැක්සන්ගේ මරණය සිදුවුණේ සැත්කම්වලදී භාවිතා කරන ප‍්‍රබල නිර්වින්දන ඔසුවක් විෂවීමෙන් බවත් එය වෛද්‍ය මරේගේ නොසැලකිල්ල නිසා සිදුවූවක් බවත් ප‍්‍රකාශ කළ විනිසුරුවරයා වැඩි දුරටත් කියා සිටියේ වෛද්‍ය මරේ නිසා අසහාය කලාකරුවකු ලොවට අහිමි වූ බවය.

1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd