ආර්ථික අර්බුදයන් හා ස්වභාවික සම්පත් ශීඝ‍්‍රයෙන් ක්ෂය වෙමින් පැවතීම නිසා දශක කිහිපයක් ඇතුළතදී වත්මන් මානව ශිෂ්ටාචාරයේ විනාශ වී යාමේ ලකුණු පෙනෙන්නට ඇතැයි ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) ලෝක ප‍්‍රකට ගණිතඥයින් පිරිසක් හා එක්ව කළ පර්යේෂණයකින් හෙළිව තිබේ.
විනාශය ඉක්මන් කරවා ඇති පුද්ගලයින් යැයි පර්යේෂණයෙන් ඇගිල්ල දිගු කර ඇත්තේ ලොව ඉතා ධනවත් හා උසස් යැයි සම්මත සමාජ තලයේ වෙසෙන්නන් වෙතටය.
මෙවන් පුද්ගලයින් සුළුතරයකගේ වුවමනා එපාකම් හා අරමුණු වෙනුවෙන් බහුතරයගේ අවශ්‍යතා අමතක කර ලොව ස්වභාවික සම්පත් අයුතු ලෙස යොදාගනිමින් තිබීමත්,ඔවුන්ට වුවමනා පරිදි ආර්ථික කටයුතු හැසිරවෙමින් තිබීමත් වත්මන් මානව ශිෂ්ටාචාරය විනාශයේ ඉම කරා ගෙනයමින් තිබෙන බව පර්යේෂණය සිදුකළ ගණිතඥයෝ කියති.
ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් පමණක් දැනට කටයුතු කරමින් සිටින ඇතැම් රටවල් විනාශය අභිමුඛයෙහි ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් ලොවට වැඩදායී වන සේ වෙනස් කිරීමට කටයුතු කළත් ඒ වන විට ඊට ප‍්‍රමාදවී තිබෙනු ඇතැයි ගණිතඥ පිරිස අනතුරු අගවති.
සම්පත් හිග වූ විට,ආර්ථික අර්බුදයන් දරුණු වූ විට වත්මන් මානව ශිෂ්ඨාචාරයේ පැවැත්මක් අපේක්ෂා කළ නොහැකි යැයි ඔවුහු කියති.සාගතය මිනිසා පෙළනු ඇතැයිද,අල්ප වූ සම්පත් වෙනුවෙන් එකිනෙකා හා යුධ වැද ඔවුනොවුන්ම විනාශ කරගනිමින් ශිෂ්ඨාචාරයේ අවසානය කරා මිනිසා එළැඹෙනු ඇතැයිද ඔවුහු මත පලකරති.
අතීතයේද ශිෂ්ඨාචාරයන් කඩා වැටීමට හේතුවූයේත් මෙවන් හේතු යැයි ඔවුහු කියති.දියුණුවේ හිනිපෙත්තේම සිටි රෝම ශිෂ්ඨාචාරය,ගුප්ත ශිෂ්ටාචාරය වැනි මානව ශිෂ්ටාචාරයන් විනාශ වූවේත් මෙකී සුළුතරයකගේ අවශ්‍යතා සැපිරීමට යාම නිසා බව ඔවුහු පවසති.
විසදුම ලෙස ගණිතඥ පිරිස පෙන්වා දී ඇත්තේ අසමාන ලෙස බෙදී ඇති සම්පත් සමානව බෙදී යන ක‍්‍රමවේදයක් ඇතිකළ යුතු වීමයි.කෙතරම් උත්සාහ කළද සියයට සියයක්ම සමාන වන පරිදි ස්වභාවික සම්පත් වල බෙදී යාමක් අපේක්ෂා කළ නොහැකි බැවින් පවතින සම්පත් වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ලෝක ජනගහණයේ වැඩිවීමත් ක‍්‍රමවත්ව පාලනය විය යුතුව තිබෙන්නේයැයි ඔවුහු පෙන්වා දෙති.
ඉක්මනින් පියවර නොගන්නේ නම් වත්මන් මානව ශිෂ්ඨාචාරයේ අවසානය දැක බලා ගැනීමට වසර ගණනාවක් කල් මැරීමට සිදුනොවනු ඇතැයි ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාවෙන් පොදි බැන්දට පණ කෙන්ද ගිය දවසට දාල යන්න වෙනවා කියන එක නොදත් අය නිසා තමා මේක සිද්ද වෙලා තියෙන්නේ...අවරුදු 2500 වඩා ප්‍රෞඩ ඉතිහාසයක් හා පැවැත්මක් අපිට තිබුනේ මෙන්න මේක තේරුම් අරගෙන බෙදා හදාගෙන ජීවත් උන නිසා නොවේද... (දී)
අද හෙටම මේ ලෝකය විනාශ වෙන්න ඕන හැමෝගෙම ලොකුකම මාන්නය නැතිවෙලා යන්න (අ)
ඒ ගොල්ලෝ දන්නේ නැතිද? (නදී)
දැන් මේ ගොල්ලෝ කයිවාරු ගැහැව්වට.(නදී)
ඕක අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මීට අවුරුදු දෙදාස් පන්සීය හැටකට පෙර බව ඔවුන් නොදන්නේද? (නදී)
ලක්ෂමන් ජයවර්ධන උන්නැහේ හරියටම හරි. ඉස්සලම ඕක වෙන්න ඇත්තෙත් ලංකාවෙම තමයි.(නදී)
මිනිසා කියන්නේ මනුස්සයාටයි. මිනිස්සු මැරිලා බොහෝ කල්. දැන් ඉන්නේ අමනුස්සයෝයි.(නදී)
අදටත් මිනිසා නැති වෙමින් යනවා මිසක් දියුණුවක් නැහැනේ, මනුෂ්‍යත්වය නැතිවෙලා ඉවරයි ගොඩක් දුරට.(නදී)
දැනටමත් මිනිහා නැති වෙලා තමයි ඉන්නේ.(නදී)
ලෝකෙටම සමාජවාදී ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි.(නදී)
සමාජවාදී පාලන ක්‍රමයක් තිබෙන ලොවකට අපව රැගෙන යන්න උතුමාණෙනි !(දී)
ඒකනම් සහතික ඇත්ත (දී)
අද කොහෙද හෙටක් ගැන හිතන අය.හෙට මලත් අද ගැන විතරයි හිතන්නේ.(දී)
බුදුහාමුදුරැවෝ ඕක දේශනාකරලා තියෙනවා ඒ නිසා බුදු දහමට අනුව කටයුත කරනවා නම් ඕවා මග හරවා ගන්න පුලුවන්(දී)
ලෝකයේ සමාජවාදී වෙස්මුහුණ දමාගෙන ඉන්න චීනයේ පවතින්නේත් සුළු පිරිසගේ සුක විහරණය පමණක් මුලික උන පාලන ක්‍රමයක්. එහෙ කම්කරුවන්ට ලංකාවේ තරම්වත් වෘතිය අයිතිවාසිකම් නැහැ. ලංකාවේ දේශපාලකයන් කම්කරුවන් භාවිත කරන්නේ බලයට ඒමටයි. ඉන්පසු ධනවාදයේ සහ ඒකාධිපතිවාදයේ උපමරිමයට යති.(නදී)
මේක තමයි ඇත්ත. (ත)
එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ "" ජීවිතං අනියතන්" ""මරණන් නියතං"" ""එතකන් ජීවිතං "" ජොලියෙන් ගතකරන්"" (ත)
ධනේෂ්වර ආර්ථික ප්‍රතිපත්ති අධිකව සම්පත් විනාශ කරයි. ලංකාවටද වී ඇත්තේ එයයි. එබැවින්, සමාජවාදී ආර්ථිකයක් අපට අවශ්‍යම බව කිව හැකිය.(නදී)