ඉතා බහුලව දක්නට ලැබෙන විශාදය නැමැති මානසික රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකි ආරක්ෂිත හිස්වැසුමක් නිර්මාණය කිරීමට  ඩෙන්මාර්ක් විද්‍යායින් සමත්ව සිටිති.

දඟරයකින් සමන්විත උපාංගයක්  මගින් විද්‍යුත් ස්පන්දනයක් ලබාදීමෙන් මොලයේ විශාදය ආශ්‍රිත කොටස සක්‍රීය කරවන බව විද්‍යාඥයෝ කියති.

චිකිත්සාගාර අත්හදා බැලීමේදී විශාදය වැළදී තිබූ රෝගීන්ගෙන් තුනෙන් දෙකක් පමණ පවසා ඇත්තේ මෙම ආරක්ෂිත හිස් වැසුමෙන් ප්‍රතිකාර කරන විට තමන්ගේ රෝග ලක්ෂණ අන්තර්දාන වු බවයි.

මෙම චිකිත්සාව ආරම්භ කිරීමෙන් සතියක් යන විට බොහෝ රෝගීන්ගේ සිතේ දියුණු තත්ත්වයක් දක්නට ලැබුණු බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට වාර්තාවක් සපයන මැල්කම් බ්‍රාබන්ට් කියා ඇත. ඔහු පවසන්නේ මෙම හෙල්මටයේ උපාංගය මගින් ඇති කරණු ලබන විද්‍යුත් අවේගය මගින් මොලයේ රුධිර නහර වල ඇති කුඩා කේෂනාලිකා වලට බලපෑමක් ඇති කරණ බවයි.