ජමාල් කෂොක්ජිගේ පුත් සලාහ් කෂොක්ජි ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය අද (25) වාර්තා කළේය.
මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු විවේචනය කරමින් ලිපි ලියන්නට ගත් දා සිට ඔහුගේ පුත් සලාහ්ට සංචාරක තහනමක් පනවා තිබිණි.
ජමාල් කෂොක්ජි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ තීරු ලිපි ලියන්නෙකි.
“හොඳ පුවතක් වෙනසකට. ජමාල් කෂොක්ජිගේ පුත් සලාහ් සහ ඔහුගේ පවුල ඇමෙරිකාව බලා පිටත්ව ගියා. සංචාරක තහනම ඉවත් කරලා” යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව කලාපය සඳහා විධායක අධ්‍යක්ෂිකා සාරා ලී විට්සන් සඳහන් කළාය.
සලාහ් කෂොක්ජිට ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු හමුවීමට සිදුවීම විස්මය සහ කුරිරු සිදුවීමක් යැයි ඇය සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd