IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෝදි , මහින්ද හමුවක් නිව්යෝක් නුවරදී?

මෙම මස තෙවැනි සතියේ සිට ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 69 වැනි මහා සමුළුව පැවැත්වෙන කාලය අතරතුරදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා ජනපතිවරයා එළැඹෙන 25 වැනිදා සමුළුව ඇමැතීමට නියමිත අතර ඉන්දියා අගමැති මෝදි සමුළුව අමතනු ඇත්තේ 27 වැනිදාය.

දෙදෙනාම සමුළුව ඇමැතීමෙන් පසු සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇතැයි සඳහන්ය.

සාකච්ඡාවේදී සැළැකිල්ලට ගනු ඇතැයි සිතිය හැකි කරුණු ගැනද මත ඉන්දියා මාධ්‍ය මත පළ කර තිබේ.

ඒවාට අනුව සාකච්ඡාවේදී ප්‍රධානකොටම සැළැකිල්ලට ගැනෙනු ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිඹදවය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හා අගමැති මෝදි අතර පැවැත්වුණු හමුවේදී සාකච්ඡාවට බදුන්වූ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනපතිවරයා දැනුම්වත්කිරීමද මෙහිදී සිදුවනු ඇතැයි සදහන්ය.

හමුවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව ඇපකැපවී ක්‍රියාකරනු ඇතැයි මෝදි ඔවුන්ට සහතිකවී ඇත.



අදහස් (0)

මෝදි , මහින්ද හමුවක් නිව්යෝක් නුවරදී?

ධම්ම Wednesday, 03 September 2014 04:15 AM

අපේ රටේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන හෝ නොකරන එක අපේ වැඩක්නේ. ඇයි වෙන රටවල් ඒකට ඇඟිලි ගහන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 September 2014 04:25 AM

කාටවත් අපේ රටේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න අයිතියක් නැහැ.ඒවාට අපේ රටේ උගතුන් ඉන්නවනේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 03 September 2014 02:42 PM

මෝඩි ලංකාවේ ප්‍රශ්න විසඳන්න එන්නේ ඉන්දියාවේ ප්‍රශ්න විසදලා ඉවරවෙලාද නැතිනම් ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල හිතාගෙනද? (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 02 September 2014 06:28 PM

කේරළයෙන් ගංජා, ලංකාවෙන් රත්‍රං ප්‍රවාහනයත්, මුහුදු සීමාවල මසුන් ඇල්ලීමත් දෙරටේ ප්‍රශ්නයක්. 13 ව්‍යවස්ථා ප්‍රශ්නයද අප විසින් විසඳාගත යුතු ප්‍රශ්නයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site