IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


මිතුරන් අහිමිකරන තරබාරු සිරුරු

තරබාරු වීමෙන් සම වයසේ මිතුරන් ඈත්වන බව පර්යේෂණයක් මගින් තහවුරු කැර ඇත. එයට හේතුව වී ඇත්තේ කෙසඟ සිරුරක් ඇති පුද්ගලයන් විසින් තරබාරු සිරුරු ඇති අය හා මිත්‍රකම් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමයි.

ඇමෙරිකාවේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ තරබාරු තරුණයන් සාමාන්‍ය බරක් සහිත අය යහළුවන් ලෙස තෝරාගත්ත ද සිහින් සිරුරක් සහිත අය තරබාරු අය යහළුවන් ලෙස තෝරා නොගන්නා බවයි.

මිනිසුන් තම යහළුවන් තොරා ගන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමට  ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමාජ ජාල විශ්ලේෂණය කැර ඇත.

මෙහිදී තරබාරු තරුණයන් සාමාන්‍ය සිරුරු සහිත යහළුවන් නිතරම තෝරා ගනු ලැබුවද අනෙක් අතට සාමාන්‍ය සිරුරු පවතින තරුණ අය තරබාරු අය තම යහළුවන් ලෙස තෝරා ගැනීමට මැලිකමක් දක්වන බවට පැහැදිලි සාක්ෂි ලැබී  ඇතැයි  මෙම පර්යේෂණයේ සහාය මහාචාර්ය ඩේවිඩ් ෂෙක්ෆර් පැවසයි.

මෙම පර්යේෂකයන් තවදුරටත් සොයාගෙන ඇත්තේ තරබාරු තරුණ මිනිසුන් තම යහළුවන්ගේ බර පිලිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බවයි. මෙහි ප්‍රතිවිපාකයක් ලෙස අධික තරබාරු මිනිසුන් එවැනි ම පුද්ගලයන් සමග යහළුකම් පැවැත්වීමට පෙළඹී තිබේ.

තරුණ මිනිසුන් සමාජීය වශයෙන් තමන් තරබාරු අය සේ දැක්වීම නොවැදගත් සේ සැලකීමට පෙළඹී සිටිති. මේ හේතුවෙන් තරබාරු තරුණ  මිනිසුන් හට සිටිනා යහළුවන් සමවයසේ සිටිනා සාමාන්‍ය බර සහිත මිනිසුනට වඩා අඩු යහළුවන් සංඛ්‍යාවක් සිටිනා බව සොයාගෙන තිබේ.

මිතුරන් හිඟවීම මානසික අවපීඩන තත්වයට හා තමන්ගේ වටිනාකමට බලපාන සාධක බව පෙන්වා දෙන පර්යේෂකයෝ ස්ථූලතාවය නිසා ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න වැඩි වීමට එය බලපාන බව පෙන්වා දෙති.

මෙම පර්යේෂකයන් ද්විතීයික සහ උසස් පාසැල් 88 ක සිසුන් 58,987 ක් විශ්ලේෂණය කර ඇත. මෙයින් ආසන්න වශයෙන් සියයට 20 ක සිසුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ දත්තයන් විශ්ලේෂණය කළේය. මේ අධ්‍යනයට එක්වූ සිසුන්ගේ සමීපතම මිතුරන් 10 ක් හඳුනා ගත් අතර එයින් 5 දෙනෙක් මිතුරියන් වු අතර 5 දෙනෙක් මිතුරන්ය.

පර්යේෂකයන් විසින් සමාජ ජාල දත්තයන් විශ්ලේෂණය කරමින් විවිධ මිතුරන් තෝරාගන්නා එනම් සිත්ඇදගන්නා සුළු තත්වයන් සමානකම් අතින්, විෂය බාහිර කටයුතු වලදී හමුවිම් හෝ අන්‍යෝන්‍ය මිත්‍රත්වයට එක්විම යන ක්‍රියාවලි සලකා ඇත.

මේ නිසා පර්යේෂකයන් ට ශරීරයේ බර තත්වයේ බලපෑම මිතුරන් තෝරාගැනීමේ දි මූලික වන බව පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාව ලැබිණි.

සහාය මහාචාර්ය සිම්ප්කින්ස් තවදුරටත් පවසන්නේ සිතේ තබාගත යුතු වැදගත් කාරණය වන්නේ තරබාරු තරුණ වයසේ පසුවන්නන්ට තවමත් බොහෝ යහළුවන් සිටිනා බවයි. එක් මිතුරෙක් හා මිතුදම් පැවැත්වීම විශාල වෙනස් කම් දනවන බවයි. එමෙන්ම කොතරම් යෞවන වයසේ පසුවන මිතුරන් පැවතීම වැදගත් කමින් අඩු දෙයක් වන අතර එයින් ප්‍රධානම කරුණ ලෙස සැලකිය යුත්තේ තමන්ට උදව්දෙන යහළුවන් කව්රුද යන්න තෝරා ගැනීම බවයි.

 



අදහස් (0)

මිතුරන් අහිමිකරන තරබාරු සිරුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site