භාෂණයේ නිදහස තේමා කර ගත් මතභේදාත්මක ප්‍රදර්ශනයක් ජපානයේ අයිචි ප්‍රදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර කලා උළෙලේදී යළි ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.
පසුගිය අගෝස්තු පළමු වැනිදා ප්‍රදර්ශනය මුල් වරට ඇරඹුණත් ප්‍රදර්ශනයට තබා තිබුණු ප්‍රදර්ශන භාණ්ඩ සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඉන් දින තුනකට පසු ප්‍රදර්ශනය අත්හිටුවන ලදි.
එම ප්‍රදර්ශන භාණ්ඩ අතර ජපාන යුද සමයේ දී සිය කැමැත්තට එරෙහිව ගණිකා වෘත්තියේ යෙදවූ කාන්තාවන් නිරූපණය කළ ප්‍රදර්ශන භාණ්ඩ ද විය.
එම කාන්තාවන් බොහොමයක් කොරියානු ජාතිකයින් විය.කෙසේ වුවත් නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු ප්‍රදර්ශනය අද නැවත ආරම්භ කෙරිණ.ප්‍රදර්ශනය ලබන සඳුදා දක්වා පැවැත්වේ.
-226-
(එන්.එච්.කේ ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd