IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


මග මරුවන්ට චීනයෙන් පාඩමක්

මහපාරේ ‘‘රේස්‘‘ යෑමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයෙකුගේ මළ සිරුර අන් අයටත් දැක ගැනීමේ අරමුණින් අනතුර සිදුවූ ස්ථානයේම වැටී තිබෙන්නට ඉඩ හැරීමට චීනයේ කුන්මින්ග් නගරයේ පොලිසිය කටයුතු කර තිබුණි.

මියගිය පුද්ගලයා තවත් මෝටර් රථයක් හා තරගයට රිය පදවාගෙන පැමිණ ඇති අතර මාර්ගයට වෙනත් අතුරු මාර්ගයකින් ඇතුළු වූ වෙනත් මෝටර් රථයකට ඉඩ දීමට යාමේදී තම මෝටර් රථයේ පාලනය ගිලිහීමෙන් මෙම අනතුර සිදුව ඇති බවක් පෙනෙන්ට ඇතැයි පොලිසිය කියයි.

පාලනය ගිලිහුණු මෝටර් මාර්ගය අයිනේ තිබූ ගසක වැදී විසිවී ඇත්තේ රියැදුරාද අසුනින් මාර්ගයට විසි කරමිනි.ඒ හා සමගම පසුපසින් පැමිණි මෝටර් රථයකට හසුවීමෙන් ඔහු ක්ෂණිකව මරණයට පත්ව ඇත.

අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිසිය කළේ වෙනත් අවස්ථාවකදී මෙන් මළ සිරුර වසා දමනවා නොව එය ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ හැරීමයි.මාර්ගයේ ගමන් කළ ළමුයින් වැඩිහිටියන් ඇතුලූ සියළු දෙනාටම අනතුර හොද හැටි දැකබලා ගැනීමට පොලිසිය අවස්ථාව ලබා දුන් සෙයකි.

මළ සිරුර රෝහල කරා ගෙනයාමට පොලිසිය කටයුතු කළේ පැයකුත් ගතවූ පසුවය.

මාර්ගය දෙපස වෙසෙන්නන් පොලිසියේ කි‍්‍රයාපිළිවෙත අගය කරමින් පැවසූවේ මෙම මාර්ගයේ ‘‘රේස්‘‘ පැදීමේ යෙදෙන්නන්ගේ අඩුවක් නැති බවත් මෙම සිදුවීම දැක හෝ ඔවුන් මිීන් පසුවවත් නිවැරදිව රිය පදවන්නේනම් එය යහපත් බවත්ය.

 



අදහස් (0)

මග මරුවන්ට චීනයෙන් පාඩමක්

දුමින්ද Thursday, 17 October 2013 06:49 PM

පන නැති මිනියට ඔහොම අගෞරව කරන්න හොදද?අපේ කෙනෙක් මැරිලා නම් එහෙම කරනවාද?(නදී)

:       0       0

බණ්ඩා Thursday, 17 October 2013 07:04 PM

ලුම්බිණි, ඔයාගේ මොළේ තමයි මොළේ... (නි)

:       0       0

සිරි Friday, 18 October 2013 11:26 AM

මේක දඩුවමක් නෙමෙයි, චීනයෙ මාර්ග අනතුරක් වුණ විට සිදුවන සාමාන්‍ය දෙයක්. පොලීසිය ඇවිල්ලා වාර්තා ලියා ඉවරවෙනතුරු මියගිය කෙනා ( / පණ අදින කෙනා) හොලවන්නෙවත් වහන්නෙවත් නැහැ. මග දෙපස කවුරුවත් උදවු කරන්න යන්නෙත් නැහැ. අහපු දෙයක් නෙමෙයි, මගේ ඇස් දෙකින්ම කීපවිටක් දැකපු දෙයක්. අපේ රටේ මොන ප්‍රශ්න තිබුනත් අපේ අය (පොදුවේ ගත් විට) තවම මේ තරම් පහත් තත්වකට වැටිලා නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 17 October 2013 07:50 PM

අපේ අහවල් මල්ලිලා කියන සමාජවාදී ලෝකයත් නරකම නැහැනේ බැලුවම.. (නි)

:       0       0

සිරි Friday, 18 October 2013 07:53 PM

දොඩන්ගොඩ, ඔබ කියනව හරි වෙන්න පුළුවන් ඒත් ලංකාවේ හැම තැනම ඔය වගේ නෑ චීන්නු අපි වගේ නෙවෙයි හැප්පුනහම මැරෙන්නම යට කරළ ඉවර කරණවා හේතුව ජිවිත කාලයකට වන්දි ගෙවන ඒකට වඩා ඒක වරක් ගෙවීම (චීන නීතිය) ලාභයි ( පහළ විඩියෝ ඒකේ වාහනය රිවර්ස් කරළ අාපහු ගන්න හැටි බලන්න) (අ)

:       0       0

නිලන්ත Thursday, 17 October 2013 08:01 PM

මේ වගේ රේසින් කාර් අරගෙන පාරේ යන්නේ අනික් අයට වැඩ පෙන්නන චණ්ඩි. ලංකාවෙත් එවැනි කාර් ගැන සැළකිල්ලෙන් හිටියොත් පාරේ යන අනික් අයගේ ජීවිත ගළවාගන්න පුළුවන්. ඒත් ඒවා කරන්නේ බලවත් ධනවත් අයගේ පුත්තු නිසා පොලිස් අයත් අහක බලාගන්නවා. (නි)

:       0       0

දොඩන්ගොඩ Friday, 18 October 2013 12:49 PM

සිරි, ඔබ කියනවා වාගේ ලංකාවේ අය චීනයේ වාගේ නොවෙයි. රිය අනතුරක් දුටු ගමන් පොලිසිය එන්න පෙර පැනලා අනතුරේ සිටින සියලු දෙනාගේ අත් ඔරලෝසු ගලවාගෙන, රත්තරන් වළලු චේන්. මාල,සල්ලි. පොකට් ඔක්කොම සුද්ද කරලා ත්‍රීවිල් රථයක දාලා හරි ළගම රෝහලට අරිනවා. මේ මම ඇසු දෙයක් නොවේ. කිහිප විටක් මගේම ඇසින් දුටු දේවල්. ඒ අතින් චීන්නු එහෙම නැතුව නැති (නි)

:       0       0

සුජිත් Friday, 18 October 2013 12:52 PM

ලංකාවෙන් උපදෙස් ගන්න තිබුණනේ (නි)

:       0       0

සිරි Saturday, 19 October 2013 12:58 PM

දොඩන්ගොඩ, ඔයාගෙ අත්දැකීම ගැන හරිම කණගාටුයි. එවැනි තත්වයකට මුහුණදී ලංකාවෙ අපේ මිනිසුන් ගැන ඔය විධියට හිතන එක පුදුමයක් නෙවෙයි. මම චීනය ගැන දන්නෙ අවුරුදු ගණනාවක අත්දැකීම් එක්ක. කොහොම වුනත් අපේ මිනිසුන් නරක්වූ පමණින් චීනුන් (හෝ වෙනත් ජාතිකයන්) ඊට වඩා හොඳ බව සිතීම නම් මුළාවක්. .(නදී)

:       0       0

ලන්ඩන් නිස්සංක Thursday, 17 October 2013 11:39 PM

අනේ හොදයි (නි)

:       0       0

ලන්ඩන් නිස්සංක Thursday, 17 October 2013 11:43 PM

චීන නිෂ්පාදන (නි)

:       0       0

ලුම්බිණි Thursday, 17 October 2013 03:06 PM

පුදුමයි. නොම්මරයක් වත් නැති වාහනයක්. (ස)

:       0       0

සේනාරත්න Friday, 18 October 2013 12:07 AM

ඔය කියන මහා ලොකු සමාජවාදී රටෙත් සමහරු මංගල ගමනටත් බයිසිකලය පාවිච්චි කරන අතර තව සමහරු විනෝදයට රේසින් කාර් වල විනෝද සවාරිත් යනවා (නි)

:       0       0

ගුණරත්න Friday, 18 October 2013 12:23 AM

මම නම් බැලුවේ අනතුර දිහා නෙමෙයි. ලස්සනට පර අයිනේ හිටවලා තිබෙන ගස් ටික දිහා.හරිම ලස්සනයි.හිතාගන්න බැහැ පොල්ගස්ද, වෙන මොනවාහරි ගස් ජාතියක්ද කියලා. (නි)

:       0       0

සිරි Sunday, 20 October 2013 08:59 AM

යූ.එස්.ඒ කියන්නෙ චීනයෙ ආර්ථික දියුණුව ගැන. චමත් කියන්නෙ මිනිසුන්ගෙ සදාචාරාත්මක පරිහානිය ගැන. මට හිතෙන විදියට නම් ඔයාල දෙන්නම වැරදි නෑ.(නදී)

:       0       0

දොඩන්ගොඩ Saturday, 19 October 2013 12:03 AM

සිරි,අපේ ලංකාවෙත් එහෙමම තමා. කහ ඉර උඩ යනකොට යට කරලා තලලා යන්නේ. ලංකාවේ නම් කිසිම වන්දියක් සමහරවිට නැහැ. මැරුණ කෙනාගේ පවුලේ වියදමින් මරණ කටයුතු වෙන්නේ. මම දන්නේ මගේම අයියව යට කරලා මැරුනේ. එයා කහ ඉර උඩ ගමන් කළේ. රතු එළිය තිබෙද්දී වාහනය යට කරගෙන ගියේ. වාහනය නතර කරලත් නැහැ. ළඟ හිටපු අය අයියව සුද්ද කරලා, ඔරලෝසුව, මගුල් මුද්ද, පොකට් එක අරගෙන පොලිසිය එන්න කලින්. චීන්නු තව හොඳයි සිරි. මම චීන නිතිය දන්නෙ නැහැ. එහෙත් දෙවරක් මම සංචාරය කළා. අපේ මිනිසුන්ට වඩා බොහෝම හොඳයි. (නි)

:       0       0

රන්ජිත් පැරිස් Saturday, 19 October 2013 12:04 AM

සිරි . ඔයා චීනයේ නීතිය හදාරන කෙනෙක්ද? (නි)

:       0       0

නිල්මිණි Thursday, 17 October 2013 03:56 PM

අයියෝ ලුම්බිණි,මොන නොම්මරද?හැපිලා තිබෙන විදිහට අතක් පයක් නොකැඩී ඔයින් ගියා ඇති (නි)

:       0       0

දොඩන්ගොඩ Saturday, 19 October 2013 05:37 PM

සිරි මම උපන් දා ඉඳල ලංකාවේ ජිවත් වන කෙනෙක් . ඔබ වගේ වෙන රටකට ගොස් නැත. එහෙත් ලංකාවේ සිදුවන සේම දෙයක්ම දකිමින් පුවත් පත් මගින් කියවමි . එනිසා මා ගැන ඔබ කණගාටු වන්නට එපා . පිට රට නොගියාට මම හොඳට ලංකාවේ නය නොවී ජිවත් වෙමි . ඔබ චීනය ගෙන පොඩ්ඩක් දැන ගෙන ලංකාව ගෙනත් පොඩ්ඩක් දෙන ගෙන පුරසාරම් ගසන බව පෙනේ . අපි මෙය මෙතනින් නතර කරමු .හොරට ලෙඩක් ගත් කෙනාට බෙහෙත් නැත. (අ)

:       0       0

පෙතා Thursday, 17 October 2013 04:00 PM

රෝදත් නැති වාහනයක් ?(නදී)

:       0       0

පර්සි බණ්ඩාර Thursday, 17 October 2013 04:01 PM

නොම්මර ගැලවිලා විසි වෙලා හැප්පුන විදියට මැරිච්ච මිනිහ නම් හොඳට බිම දිගා වෙලා ඉන්නේ. කාර් එකට යට උනා කියල කියන්නත් බැහැ(නදී)

:       0       0

යු. එස්. ඒ Saturday, 19 October 2013 05:43 PM

චමත් ඔබගේ කීමට මට පසු පසින් සිනා යනවා . චීනය සිටින්නේ ලෝකයේ ඉතාම පහල කියා ඔබ සිතුවාට . බටහිර ලෝකය එසේ සිතන්නේ නැහැ . අද ලෝකයේ ලොකුම ආර්ථික බලවතා සහ ලෝකය සමග එකට ගෙටිමට සිටින සුපර් පවර් ' අධි බලවත් රාජ්‍ය " අතරට ඉන්නේ චීනය . සදාචාරාත්මක කම මල මිනිහකුට වඩා ජිවත් වන මිනිසුන්ට කරන්න . අද අම්මව මරල කුඩු වලට සල්ලි ගන්නේ . තමන්ගේ දුව දුෂණය කරන . මින්බිරිය දුෂණය කරන . යාළුවගේ බිරිඳ දුෂණය කරන අවුරුදු 5 හේ 6 හේ ළමයින් දුෂණය කරන මුදලට මිනි මරණ රටක අප ජිවත් වන්නේ . ඉතින් අපේ රටේ මොන සදාචාරයක්ද .(අ)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Thursday, 17 October 2013 04:03 PM

මේකේ දාල තියෙන එක දැක්කම මතක් උනේ. මගේ යාලුවෙක් ඉන්නවා කොරියාවේ එයාට හැමෝම කියන්නේ මග මරුවා කියලා. දැන් බැලුවම මග මරුවෝ හැම රටේම (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 17 October 2013 04:08 PM

මේ අර මාඕ මහත්තය ආරම්භ කළ සමාජවාදී චීනයද ? අපි නම් හිතුවේ චීනයේ ගම්වල ඉන්න අය වගේ නාගරික අයත් යන්නේ බයිසිකල් වලින් කියලා. (නදී)

:       0       0

චමත්] Saturday, 19 October 2013 04:55 AM

චීනය සමදිවාදී රටක් වුණාට, චීනයේ ඉන්නවා බොහෝ ප්‍රකෝටිපතියෝ, බොහෝ ධනවත්තු. මේ චීන ජාතිකයන් ලෝකයේ බොහෝ ධනවත් රටවල මිල අධික ඉඩම් කඩම්,ගෙවල් දොරවල් වල හිමිකරුවන් වී තිබෙනවා. මේ රියදුරාත් එවැනි අයෙකුගේ පුත්‍රයෙකු වෙන්න ඇති. වාහනය දිහා බලපුවහම හිතා ගතහැකි නේද එහි වටිනාකම. කෙසේ වෙතත් මිය ගිය තැනැත්තෙකුගේ දේහය මෙසේ ප්‍රදර්ශනය කිරීම සදාචාරාත්මක නැහැ කියලයි මාගේ හැගීම. මේ වැනි තත්ත්වයන් හමුවේ නම් , චීනය සිටිනුයේ ලෝකයේ ඉතා පහළම අඩියකයි. (නි)

:       0       0

නිමල් Friday, 18 October 2013 06:02 AM

මග මරුවන්ට චීනයේ පාඩමක් ඉගැන්නුවාට මෙහෙ පාඩම් උගන්වන්න බැහැ.මෙහෙ මග මරුවන් රැකගන්න මුදලට ඉදිරිපත් වෙන අය ඉන්නවා. (නි)

:       0       0

දර්ශන් Thursday, 17 October 2013 04:57 PM

ලංකාවෙත් ඉන්නවා ඔවැනි රේස් පදින උදවිය,එයාලත් මෙදෙස බලා තමන්ගේ සහ අනෙක් අයගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරන්න. (නි)

:       0       0

සෝමදාස Friday, 18 October 2013 06:26 AM

නංගිලාගේ මල්ලිලාගේ ලස්සන අදහස් ....ඔයාලා ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ වුණා නම් තමයි හොද (නි)

:       0       0

අසා Thursday, 17 October 2013 05:16 PM

පාඩම ඔළුවටම යන්න ඇති. බුද්ධිමත් වැඩක් (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 17 October 2013 05:18 PM

සීට් බෙල්ට් එක පාවිච්චි කළා නම් මෙච්චර දෙයක් වෙන්නේ නැහැ. මොනවා වුණත් දුක හිතෙන පුවතක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මැතිවරණයේ පස්වැනි අදියර ඇරඹේ
2024 මැයි මස 20 644 0

අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ය


ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට
2024 මැයි මස 20 6772 26

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන ව


සුන්බුන් හමුවෙයි
2024 මැයි මස 20 4075 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙ


ඇමෙරිකාව නිහඩයි
2024 මැයි මස 20 5843 4

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.


ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි
2024 මැයි මස 20 4317 0

කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී.


කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?
2024 මැයි මස 20 4573 1

අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site