ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ඔරිස්සා ප්‍රාන්තයේ අලුත යුග දිවියට පත් යුවලකට ලැබුණු තෑගි පරීක්ෂා කිරීමට යාමේදී එක තෑගි පාර්සලයක් පුපුරා ගොස් මනාලයා සහ ඔහුගේ 85 හැවිරිදි මිත්තනිය මරුමුවට පත්වී අලුත ගෙනා මනාලිය බරපතල තුවාල ලැබීමේ පුවතක් වාර්තා වේ.
ඉකුත් පෙබරවාරි 18 වැනි දා විවාහයට පත්වී ඇති මෙම නව යුවල මදුසමය ගත කිරීමෙන් පසු දින කිහිපයක් නිවසින් පිටත ගතකර නිවසට පැමිණ තිබේ.
පසුව සිය මනමාලිය සහ මිත්තනියද සමඟ විවාහ දිනයේ ලැබුණු තෑගි විවෘත කර බලමින් සිටින අතරතුර එක පාර්සලයක් විවෘත කරනවාත් සමගම එම පාර්සලය පුපුරා ගොස් ඇත.
පසුව කරන ලද සොයා බැලීමකදී එම පාර්සලය දුන් තැනැත්තාගේ නමක් සදහන් කර නොමැතිව ලබා දී ඇති ත්‍යාගයක් බව පොලිසිය මේවන විට අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
සෞම්‍යා සෙකාර් සහ රීමා සාහු ගේ විවාහ මංගල්‍යය මෙසේ අවසන් කිරීමට උත්සාහ කළ තැනැත්තා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
-222
COMMENTS
චාල්ස් බ්‍රොන්සන් රඟපාන "මිකැනික්" චිත්‍රපටිය මතක් වෙනවා.....හරිම බිහිසුණු ඛේදවාචකයක්...
අහිංසකයෝ දෙන්නෙක් ජීවිතේ පටන් ගන්නකොටම විනාශකරලා.
කණගාටුදායක පුවතක්. නමුත් විවාහයම නිතරම පුපුරන එහෙත්, එක්වර මිය නොයන බෝම්බයක් සමඟ ගිවිසුමකට එලඹීමක්.
ගෝටා එහෙම ඒ පැත්තේ ගියේ නැහැ නේද?
අනිවාර්යෙන් මෙතන පෙම් හුටපටයක් තියෙන්නේ ඕනේ.
විවාහය කියන්නේ කාල බෝම්බයක්. අර පරිස්සමෙන් රැක බලා ගතයුතු දෙයක්. ඒ මදිවට කවුදෝ කාලකන්නියෙක් තවත් එකක් එවලා.