ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් ඉකුත් 15 වැනිදා බෝම්බ පිපිරවූ චෙච්නියානු ජාතික සොහොයුරන් දෙදෙනාගේ සැබෑ අරමුණ කුමක්දැයි තවමත් අනාවරණය වී නැතැයි ආරක්ෂක අංශ පවසයි.
ප‍්‍රහාරයේ සැකකරුවන් යැයි ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනා ගත්තේ ටාමර්ලන් සහ සොහාර් සර්නේව්ය. පොලිසිය ලූහුබැඳ යෑමේදී ටාමර්ලන් ජීවිතක්ෂයට පත් වූ අතර සොහාර් මාරක තුවාල ලැබුවේය.
මේ වනවිට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින ඔහු පාපොච්චාරණයක් කළ බව ද වාර්තා වේ. ඇමෙරිකානු ආරක්ෂක අංශ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.
බොස්ටන් ප‍්‍රහාරයට ටාමර්ලන් සහ සොහාර් සම්බන්ධ යැයි ආරක්ෂක අංශ ප‍්‍රසිද්ධ කළ අවස්ථාවේ රුසියානු මාධ්‍ය ඔස්සේ රුසියාවේ සිටින ඔවුන්ගේ මව සුබෙයිදා කියා සිටියේ තම පුතුන් දෙදෙනා ත‍්‍රස්තවාදීන් නොවන බවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවල කුමන්ත‍්‍රණයකට ඔවුන් පැටැලූ බවත්ය.