ඇමරිකාවේ බොස්ටන් නුවර දී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධරයන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ආරක්ෂක කබායක් පැළඳ පැමිණි අයකු එක දිගට ඔවුන්ට වෙඩි තැබූ බව කියති.
නැගෙනහිර බොස්ටන්හි පොලිස් ස්ථානයේ පිරිස් තුවක්කුකරු සමග වෙඩි හුවමාරු කරගත් බවත් සැකකරු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබූ බවත් එයින් සැකකරු මියගිය බවත් කියති.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මැසචුසෙට් හි රෝහලට ඇතුළු කරනු ලැබූහ. තවත් සුළු තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 9 දෙනෙක් සිටින බවත් වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලගෙන කාලා තියෙන්නේ.(හේ)