ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස එම පක්ෂයේම තවත් ප්‍රතිවාදියකු වන මාකෝ රුබියෝට සමච්චල් කිරීමට ප්‍රංශයෙන් උපමාවක් ගත් ජෙබ් බුෂ් ප්‍රංශයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තේය.
ඔහු ඇමරිකාවේ ජනපතිවරුන් දෙදෙනකු බිහිකළ බුෂ් පවුලේ සාමාජිකයෙකි. ඇමරිකාවේ නිව්හැම්ෂයර් ප්‍රාන්තයේ විවාදයකදී බුෂ් රුබියෝට විහිළු කළේ ඔහු ප්‍රංශයේ වැඩසතිය අනුව ජර්මන් ජාතිකයකුට වඩා වැඩ කරන බවයි. ප්‍රංශ සේවකයකු නීත්‍යනුකූලව සතියකට පැය 35ක් වැඩ කළ යුතුය. එහෙත් ජර්මනියේ වැඩ සතිය ඊට වඩා අඩුය.
තම ප්‍රකාශය නිසා ඇමරිකාවේ පැරණිම මිත්‍රයා වන ප්‍රංශයට අපහාසවී යැයි බුෂ් ප්‍රංශයෙන් සමාව ගත්තේය.
බුෂ්ගේ මෙම කතාව ගැන සමාජ මාධ්‍ය වලින් ප්‍රංශ ජනයා ඔහු උපහාසයට ලක් කරති. බුෂ් රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් නැති අයකු ලෙස හඳුන්වා ඇත.
බුෂ් කරුණු අවුල් කරගෙන ඇතැයි තවත් පිරිසක් කියති. ප්‍රංශය සතියකට වැඩකළ යුතු කාලය දින 3කි. එහෙත් ගැබිණි මවකට සති 16ක වැටුප් සහිත නිවාඩු ලැබේ. නීතිය අනුව සතියකට පැය 35ක් වැඩ කළ යුතු වුවත් ප්‍රංශ ජනයා සතියකට පැය 38.9 ක වැඩ සිදුකරන බවත් ප්‍රංශ ජනයා කම්මැලියන් නොවන බවද සමාජ ජාල වෙබ් අඩවි තුළින් බුෂ්ට විරෝධය පළ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සියල්ල දත්තා පිටිගල මිලානෝ , මහතා , පොඩ්ඩක් ඔළුව පරික්ෂා කරවා ගන්න මානසික වෛද්‍යවරයකුට කියා (අ)
ආනන්ද දොඩන්ගොඩ දන්නා දෙයක් නැහැ. ප්‍රංශයට පැරිසිය හැරුණුවිට ගතයුතු නගරයක් නැත. (බ)
පිටිගල අපි ඉන්නා රට ගැන සේරම දන්නවානේ. අනේ මේ නොදන්නා දේවල් කියන්න එපා. දන්නේ නැත්නම් අන්තර්ජාලයේවත් බලන්න (නි)
රෝහණ කුමාර් මෙන්ඩිස්, ඇත්තටම පිටිගල කියනවා වගේ ප්‍රංශයට එහෙම ප්‍රසිද්ධ දෙවන නගරයක් නැද්ද? තියෙනවා නම් ඔයාම කියන්නකෝ. (නි)
ඉතාලියේ ,ග්‍රීසියේ උග්‍ර රැකියා විරහිත බාවය නිසා එහි සිටින ලාංකිකයන් දේශසීමා පැන ප්‍රංසයට පැමිණේ (බ)
නිහතමානියි කියල පෙන්නන අපහස කරලා පස්සේ සමාව අරගෙන වැඩක් නෑ. අපහස නොකර ඉන්න ඕන.(ලංකාවේ වගේ) (බ)
වරදට සමාව ඉල්ලීම උතුම් ගුණයක් (නි)
පිටිගල මිලානෝ සහ රූපවතීගේ අදහස් වලට මම කැමතියි (නි)
සොනාලිගේ අදහසට මමත් එකඟයි. (නි)
ආනන්ද දොඩන්ගොඩ, ඔලුව පරීක්ෂා කරගතයුත්තේ මගේ නොවේ (නි)
අපේ රටේ නම් මෙහෙම වෙයිද? (නි)
මම ජිනීවාවල ලක්පිත.ඔයා පැරිසියේ කොහෙද..? (අ)
පිටිගල දන්නා ප්‍රංශ නගර! (නි)
හැමදේටම 'සොරි' කිව්වා නම් ඉතින් එයාලට ඇඟ බේරගන්න පුළුවන්නේ (නි)
බුෂ්ගේ කතාව තේරෙන්නේ නැනේ අප්පා (බ)
අපි ෂේන් ගගෙන් එහා මිනිස්සු .ෆ්රන්සනුවෝ එහෙම ගොත්ත්‍රික කතා කීවානම් රටත් ඉවරයි අපිත් සුන් (රේ)
සපත්තුවත් සමඟමද දන්නෙ නැහැ නේද? (නි)
පිටිගල, ඔයාම කියන්නකෝ පැරිසියේ තිබෙන දෙවැනි ප්‍රසිද්ධ නගරය මොකක්ද කියලා. (නි)
සොනාලි, පැරිසිය නොව ප්‍රංශය ලෙස ඔබේ ප්‍රශ්නය නිවැරදි විය යුතුය. (අමනාප නොවන්න)(රේ)
එහෙත් පවුල් පාලනේ ජයට තියෙනවද ? (ස)
සොනාලි, ඔයා ස්විස් වල කොහෙද? (නි)
දේශපාලන වේදිකාවල කෙසේ තර්ක විතර්ක කළත් ලොව අන් රටවලට මෙන් ප්‍රංශයට දෙවැනි අගනගරයක් නැත. (නි)
ශිෂ්ට රටවල එහෙම තමයි. වැරදි දෙයක් කිව්වොත් සමාව ගන්නවා. පහුගිය කාලෙ අපේ වේදිකාවල කියවුණ මීට වඩා අන්ත අපහාස වලට කවුරුවත් සමාව ගත්තද? (නි)
මේ නිහතමානී ගුණය නිසයි ඒ රටවල් දිනෙන් දින දියුණු වෙන්නේ (නි)
සොනාලි, ඔයා ස්විස් වල ලුගානෝ ද ඉන්නේ? (රේ)