බොලිවියාවේ ජනපති ඊවෝ මොරාලෙස්ට එරෙහිව පැවැත්වූ විරෝධතාවයන්ට එරට පොලිසිය ද එක්වූ බව වාර්තා වීමෙන් පසු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා එක්වන ලෙස පාලක පක්ෂය සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත.
ලතින් ඇමෙරිකානු රටක් වන බොලිවියාවේ නායකයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ මොරාලෙස් මහතා පසුගිය කාලයේ පැවති මැතිවරණයෙක් සිව්වන වරටත් ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
උද්ඝෝෂකයන් චෝදනා කරන්නේ මෙම මැතිවරණය වංචා සහගත බවයි.
සෙනසුරාදා (9) විපක්ෂයේ විරෝධතාකරුවෝ රාජ්‍ය මාධ්‍ය දෙකක් බලහත්කාරයෙන් අත්පත් කරගත්හ.
මෙය හෙළා දකිමින් මොරාලෙස් මහතා කියා සිටියේ විරෝධතාකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවට පවසන නමුත් ඔවුන් ඒකාධිපති පාලකයන් ලෙස හැසිරෙන බවයි.
සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඉල්ලා අස් නොවන බවද මොරාලෙස් මහතා පවසයි.
පොලිසියේ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා හමුදාව යෙදීමේ කිසිදු සැලැස්මක් නොමැති බව එරට ආරක්ෂක ඇමැති සඳහන් කරයි.
මාසයක පමණ කාලයක් තිස්සේ පැවති විරෝධතා වලින් මේවනවිට පුද්ගලයන් තිදෙනකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇත.
මොරාලෙස් මහතා ඉල්ලා අස්විය යුතු බවත් නව මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ප්‍රධාන ප්‍රතිවාදියා වන කාලෝස් මේසා පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

2025 දෙසැම්බර් මස 18
642
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොලිවියාවේ ජනපතිට එරෙහි විරෝධතාවයන්ට පොලිසියත් එක්වේ