IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බොලිවියාවේ ජනාධිපති ඉල්ලා අස් වෙයි

බොලිවියාවේ ජනාධිපති ඊවෝ මොරාලෙස් මහතා සිය පදවියෙන් ඉල්ලා අස්වී ඇත.

 මොරාලෙස් මහතා වසර 14කට ආසන්න කාලයක් බොලිවියාවේ ජනපති ලෙස සේවය කළ අතර පසුගියදා පැවති මැතිවරණය දූෂිත එකක් බවට නැගුනු දැඩි විරෝධතා හමුවේ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවූ බව මාධ්‍ය වාර්තා කරයි.
 
මැතිවරණය නිරීක්ෂණය කළ ඇමරිකානු රාජ්‍ය සංවිධානය පවසා සිටියේ ඡන්ද විමසීමේ ප්‍රථිපල සහතික කළ නොහැකි බවයි.
 
විගණන නිලධාරීන් විසින් ද ඡන්ද අක්‍රමිකතා සිදුවී ඇති බව සොයාගෙන ඇති නමුත් මොරාලෙස් මහතා කියා සිටියේ තමා කුමන්ත්‍රණයකට ගොදුරු වූ බවයි.
 
 පාක්ෂිකයින්ට පහරදීම හා නිවාස පුළුස්සා දැමීම නතර කරන ලෙස මොරාලෙස් මහතා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.
 
 මැතිවරණයෙන් පසුව ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයින් තිදෙනකු මියගිය අතර නගර කිහිපයකදී පොලිස් නිලධාරීන් ද විරෝධතාවයන්ට ඒක්වූ බව වාර්තා විය.
 
 සාමය හා ස්ථාවරත්වයට ඉඩදී ඉල්ලා අස්වන ලෙස හමුදා ප්‍රධානී ජෙනරාල් විලියම්ස් කාලිමන් මහතා ද මොරාලෙස් මහතාගෙන් ඉල්ලා සිටියේ ය.
 
 කෙසේවුවද දකුණු ඇමරිකාවේ දිළිඳු රාජ්‍යයක් වන බොලිවියාවේ ප්‍රථම ආදිවාසී නායකයා වූ ඊවෝ මොරාලෙස් දුප්පත් ජනතාව නගා සිටුවීමට ඇප කැපවී ක්‍රියා කල නායකයෙකු බව සඳහන් වේ.
 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

බොලිවියාවේ ජනාධිපති ඉල්ලා අස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site