බොහෝ දෙනකු සුරතල් සතුන් ඇති කරති. ශ්‍රී ලංකාවේ සුරතල් සතුන් අතර ප්‍රමුඛත්වය ගන්නේ බල්ලන් සහ බළලුන්ය. ඉඳහිට නිවෙස් වල මාළුන්, කුරුල්ලන් සහ ලේනුන් ද ඇතැම් විට වන සතුන් ද ඇති කරති. සුරතලයට ඇති කිරීමට වඩාත් සුදුසුම සතුන්ගේ ජාත්‍යන්තර වර්ගීකරණය අනුව බල්ලා තවමත් පෙරමුණේ පසුවෙයි. සුරතලයට ඇතිකළ හැකියැයි කිසිවෙකුත් නොසිතන බෝදිලිමා එහි හයවැනි තැනටත් තාපස කකුළුවා දහවැනි තැනටත් පත්ව සිටිති.
1. බල්ලා
2. පූසා
3. හාවා
4. මීයා
5. ඉබ්බා
6. බෝදිලිමා
7. කුරුල්ලන්
8. අඩ හීලෑ කොළ දිවියා (ෆෙරට්) මෙම සත්ත්වයා යුරෝපීය රටවල සුරතලයට ඇතිකරන සතෙකි.
9. සුගර් ග්ලිඩර්
10. තාපස කකුළුවා











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම ලෝකේ කොහේ උන්නත් අහම්බෙන් හම්බ උනත් අපට විශ්වාසය තැබිය හැකි හොදම හුරතල් ආඩම්බරකාරයා තමයි අපේ බලු මිත්‍රයා. බලු මිත්‍රයෙකුට එයා කන්න කැමති කෑමක් එක දවසක් දුන්නොත්... තව අවරුදු දහයක් ගියත් ඒ කෑම දීපු කෙනාට තියෙන ආදරයයි විශ්වාසයයි අඩු වෙන්නැහැයි කියල තමයි කියන්නේ.(නදී)
බලු සුරතලා පුරාණයේ සිට මිනිසාගේ මිත්‍රයෙකි ආරක්ෂකයකි.(නදී)
මම එක ලිපියක දැක්ක ලෝකේ තියෙන්නේ සැබෑ සබඳතා (ජෙනුයින් රිලේශන්ශිප්ස්) දෙකයි කියල. ඒ අම්ම කෙනෙක් දරුවට තියන බැඳීම සහ බල්ලෙක් ස්වාමියට තියන බැඳීම. (දිල්)
තාපස කැකුළා කියනකොට මට මතක් වුනේ අපේ දේශපාලක තුමන්ලවයි. කතාව තාපසයෝ වගේ ගමන ඇදේට.(නදී)
ජිවත්වීම සඳහා ආරක්ෂක සේවා හා පිවිතුරු ආදරය මුළු හදින්ම ඉටුකරන කෙනා තමයි මේ සතා.(නදී)